භාර දිේ ඇණවුම - ගුදමක ඇති භාණ්ඩ කොටස් වශයෙන් තමාට හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ ලබා ගැනිමට හැකි වන පරිදි ගුදම් හිමියා වෙත නිකුත්කරන ලියවිල්ල භාරදිමේ ඇණවුම යි. භාරදිමේ ඇණවුමක් නිකුත්කිරිමට පෙර කළ යුත්තේ ගුදමේ ඇති භාණ්ඩ කොටස් වශයෙන් ඉවත් කර ගැනිමට බලාපොරොත්තු වන බව සදහන් කරමින් ගුදම් බල පත්‍රය පිටසන් කර ගුදම් භාරකරු වෙත යැවිමයි. භාර දිමේ ඇණවුම භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කරන ලියවිල්ලක් මෙන් ම එකි භාණ්ඩවල අයිතිය පැවරිය හැකි ලියවිල්ලක් ද වේ.
හානි රක්ෂණ සහතිකය - ඇතැම් අවස්ථාවලදි නෞභාර පක ලැබිමට පෙර, භාණ්ඩ තොගය රැගත් නැව ආනයනකරුගේ වරායට ළගා විය හැකිය. එහෙත් නෞභාර පත නොලැබිම නිසා භාණ්ඩ තොගය පිළිබද අයිතිය තහවුරු කර, භාණ්ඩ නිදහස් කර ගැනිමට ආනයනකරුට නුපුළුවන. මෙහි දි ආනයනකරුත් අපනයනකරුත් අතර භාණ්ඩ තොගයට අදාළව කලින් හුවමාරු වු ලියවිලි සමග හානි රක්ෂණ සහතිකය ද ඉදිරිපත් කිරිමෙන් භාණ්ඩ තොගයට හිමිකම් පෑමට ආනයනකරුට පුළුවන. හානි රක්ෂණ සහතිකය යන්නෙන් අදහස් කෙරෙන්නේ භාණ්ඩ තොගය ආනයනකරුට භාර දිමේ හේතුවෙන් නැව් සමාගමට යම් හෙයකින් අලාභයක් හෝ වියදමක් හෝ දැරිමට සිදු විණි නම් එය ගෙවන බවටත් නෞභාර පත ලැබුණු විට එය ඉදිරිපත් කරන බවටත් පොරොන්දු වෙමින් ආනයනකරු ද ඔහුගේ බැංකුව ද අත්සන් ඉදිරිපත් කරන ලියවිල්ලයි.
අවලෝකන පත - භාණ්ඩ තොගය වරායට ගොඩ බෑමෙන් පසුව වුවද, අපනයන සටහන්කරය සකස් කිරිම සදහා ප්‍රමාණවත් තොරතුරු අපනයනකරුගෙන් නොලැබි තිබිය හැකිය. ඒ අවස්ථාවේ දි රේගු නිලධාරින් ඉදිරිපිට භාණ්ඩ පරික්ෂා කිරිමට ආනයනකරුට අවසර දෙමින් රේගුව නිකුත් කරන ලියවිල්ල අවලෝකන පත (bill of sight) වේ.
නැව් වාර්තාව - නැවක් වරායට පැමිණි විට නැව්පති විසින් පැය 24 ක් ඇතුළත දි රේගු අධිකාරින් වෙත ඉදිරිපත් කළ යුතු ලියවිල්ල නැව් වාර්තාව (ship’s report) නමින් හැදින්වේ. නැවේ නම, නැව් ලියාපදිංචි රට, නැව්පතිගේ නම, මගින් සහ භාණ්ඩ පිළිබද විස්තර, නැවේ සේවක සංඛ්‍යාව, නැව පිටත් වු වරාය යන ආදි විස්තර මෙහි ඇතුළත් වේ.
ගුදම් බලපත්‍රය - ගුදමක භාණ්ඩ තැන්පත් කර ඇති බවට ගුදම් අධිකාරින් විසින් භාණ්ඩ හිමිකරුට නිකුත් කරන ලියවිල්ල ගුදම් බලපත්‍රය (dock warrant) වේ. මෙය සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ නැව් කුලිය, ලොඩ බෑමේ ගාස්තු ආදිය ගෙවා ඇති අවස්ථාවලදි ය. ගුදමේ තැන්පත් කළ භාණ්ඩ ඒවායේ අයිතිකරුට හෝ බලපත්‍රය පිටසන් කර පවරනු ලැබු පුද්ගලයෙකුට හෝ ලබා ගත හැකිය.
නැව් කුලි ගිවිසුම - නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරිමේ දි කිසියම් ගමානාන්තයක් හෝ කාලපරිච්ඡේදයක් සදහා හෝ නැවකින් කිසියම් ඉඩ ප්‍රමාණයක් හෝ වෙන් කර ගැනිමේ දි නැව් සමාගම සමග අපනයනකරු ඇති කර ගන්නා ගිවිසුම නැව් කුලි ගිවිසුම සේ සැලකේ. නැව් කුලි ගිවිසුම් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. ඒවා පහත දැක්වේ.
- නැව් ගමන් ගිවිසුම
- කාලකුලි ගිවිසුම
නිශ්චිත ගමනක් හෝ එයට වැඩි ගණනක් හෝ සදහා භාණ්ඩ ප්‍රවාහනය කිරිමට ඇති කර ගන්නා ගිවිසුම නැව් ගමන් ගිවිසුම (voyage charter) නමින් හැදින්වේ.
නිශ්චිත කාලච්ඡේදයක් තුළ භාණ්ඩ ප්‍රවාහනය කිරිම සදහා ඇති කර ගන්නා ගිවිසුම කාල කුලි ගිවිසුම (time charter) නමින් හැදින්වේ.
හෝනා දවස් - නැව් කුලි ගිවිසුම අනුව භාණ්ඩ පැටවිම හෝ බෑම හෝ සදහා සාමාන්‍යයෙන් ගිවිස ගෙන ඇති දින ගණන හෝනා දවස් (lay days) නමින් හැදින්වේ. මේ කාර්යය සදහා ගිවිස ගෙන ඇති කාලය ඉක්මවන අවස්ථාවලදි ඒ අමතර දින ගණන වෙනුවේ නැව් සමාගමට කළ යුතු ගෙවිම පමා කුලිය (demurrage) යි.