ආනයන ක්‍රියාවලිය
 

මෙරට ආනයන වෙළෙදාම දෙයාකාරයකින් සිදු වේ. ඒවා සාජු ක්‍රමයත් ඉන්ඩෙන්ටු ක්‍රමයත් වේ.


විදේශිය සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ එක එල්ලේ ආනයනය කිරිම සෘජු ක්‍රමයයි. විදේශිය සැපයුම්කරුවන් වෙනුවෙන් මෙරට පෙනි සිටින නියෝජිතයන් මගින් භාණ්ඩ ආනයනය කිරිම ඉන්ඩෙන්ටු ක්‍රමයයි. ආනයන කටයුතුවලදි මෙරට බහුලව භාවිතා කෙරෙන්නේ ඉන්ඩෙන්ටු ක්‍රමයයි. මේ කවර ක්‍රමයේ දි වුවද අනුලමනය කෙරෙන ආනයන ක්‍රියා පටිපාටියත් රේගු ක්‍රියාවලියත් බොහෝ දුරට සමාන වේ. ආනයන ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා කිහිපයක් හා ඒවාට අදාළ ලියවිලි පහත සාකච්ඡා කෙරේ.


සැපයුම්කරුවන් පිළිබද විස්තර සොයා ගැනිම - වාණිජ දේපාර්තමේන්තුව, වාණිජ මණ්ඩල, පළපුරුදු ආනයනකරුවන්, හිතවත් ව්‍යාපාරිකයන් යන ආදි මාර්ගවලින් සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් හෝ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගතහැකිය.


මිල විමසිම - ආනයනකරුට අවශ්‍ය භාණ්ඩ වර්ග සදහන් කර, ඒවායේ මිලවිමසා සැපයුම්කරු හෝ ඔහුගේ නියෝජිතයා හෝ වෙත ලිපියක් යැවිය යුතුය.


මිල කියුමක් ලැබිම - මිල විමසිමකට පිළිතුරු වශයෙන් විදේශ සැපයුම්කරුගෙන් හෝ ඔහුගේනියෝජිතයාගෙන් හෝ භාණ්ඩවල මිල කියුම පරික්ෂා කිරිමෙන් භාණ්ඩ මිල, නැව් ගාස්තු, යන ආදිය පිළිබදව නිශ්චිත වශයෙන් දැන ගැනිමටත් සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනිමටත් හැකිවේ.


ආනයන බලපත්‍රයක් ලබා ගැනිම - ආනයන බලපත්‍රයක් ලබා ගැනිම භාණ්ඩ කිහිපයකට පමණක් වර්තමානයේ දි සිමාවි ඇත. අදාළඅවස්ථාවල දි එය ලබාගැනිම සදහා කටයුතු කළ යුතුය.


ඉන්ඩෙන්ටුව යැවිම - ආනයනය කිරිමට අදහස් කෙරෙන භාණ්ඩවල විස්තර සදහන් කරමින් විදේශ සැපයුම්කරු හෝ ඔහුගේ විස්තර සදහන් කරමින් විදේශ සැපයුම්කරු හෝ ඔහුගේ නියෝජිතයා හෝ වෙත යැවෙන ලියවිල්ල ඉන්ඩෙන්ටුව හෙවත් ඇණවුමයි. එය විවෘත ඉන්ඩෙන්ටුවක් හෝ සංවෘත ඉන්ඩෙන්ටුවක් හෝ ලෙස පිළියෙළ කළ හැකිය. ලිපි, ටෙලෙක්ස්, fපැක්ස් යන ආදි ඕනෑම ක්‍රමයකින් ඉන්ඩෙන්ටුවක් යැවිය හැකිය.


ගෙවිම් පිළිබද කටයුතු - දෙපාර්ශ්වයම ගිවිස ගත් ගෙවිම් ක්‍රමයක් මේ සදහා යොදා ගැනේ. ණයවර ලිපිය, විනිමය බිල, විදුලි පැවරුම, fපැක්ස් පැවරුම, ටෙලක්ස් පැවරුම යන ආදි ක්‍රමවලින් එකක් මෙහි දි භාවිතා කළ හැකිය.


ණයවර ලිපි නිකුත් කිරිම - ණයවර ලිපිය නමින් හැදින්වෙන්නේ ආනයනකරුවෙකු වෙත ලැබෙන භාණ්ඩ වෙනුවෙන් අපනයනකරුට ගෙවිමට පොරොන්දු වෙමින් ආනයනකරුගේ වාණිජ බැංකුව නිකුත් කරන ලියවිල්ලයි. අපනයනකරුගේ බැංකුව වෙත ආනයනකරු සිය බැංකුවෙන් කරන ඉල්ලීමක් මත ණයවර ලිපිය නිකුත් කෙරේ. නැව්ගතකිරිමට අදාළ සියලුම කොන්දේසි ණයවර ලිපියේ ඇතුළත් වේ.


අපනයනකරු එහි සදහන් කොන්දේසි සපුරා ඇත්නම් අපනයනකරුට ණයවර ලිපියේ සදහන් මුදල අපනයනකරුගේ බැංකුව ගෙවයි. ණයවර ලිපි වර්ග කිහිපයක් පහත දැක්වේ.



  • ස්ථිර කරන ලද ණයවර ලිපි - මේවා වටිනාකම ගෙවන බව විශේෂයෙන් සහතික කර ඇති ණයවර ලිපි වේ. මේ සහතික කිරිම ආයනකරුගේ බැංකුවට හෝ එකි බැංකුවේ ඉල්ලීම පිට ඒ රටේ වෙනත් බැංකුවකට හෝ අපනයනකරුගේ බැංකුවට හෝ කළ හැකිය. මේ විශේෂ සහතිකකර ගැනිම අවශ්‍ය වන්නේ ආනයනකරුගේ බැංකුව පිළිබද නිවැරදි හැගිමක් නැති විටදි හෝ ඔහුගේ රටේ ආර්ථිකය පිළිබද අවිනිශ්චිත තත්ත්වයක් පවතින විට දි හෝ වේ.
  • වෙනස් කළ නොහැකි ණයවර ලිපි - මේවා අපනයනකරුගේ කැමැත්ත නොවිමසා හෝ ඔහුට දැනුම් දිමක්නොකර හෝණයවර ලිපිවල කොන්දේසි හෝ වටිනාකම් හෝ ආනයනකරුට වෙනස් කළ හැකි ණයවර ලිපි වේ. මේ නිසා අපනයනකරුට අදාළ වටිනාකම ගෙවන අවස්ථාව දක්වා ම ණයවර ලිපිය වෙනස් කිරිමට හෝ අවලංගු කිරිමට හෝ ආනයනකරුට පුළුවන. ඒකි ණයවර ලිපි මගින් අපනයනකරුට එතරම් සුරක්ෂිතතාවක් නොලැබෙන බැවින් ඒවා භාවිතා වන්නේ සුළු වශයෙනි.
  • වෙනස් කළ හැකි ණය වර ලිපි - මේවා අපනයනකරුගේ කැමැත්ත නොවිමසා හෝ ඔහුට දැනුම් දිමක් නොකර හෝ ණයවර ලිපිවල කොන්දේසි හෝ වටිනාකම් හෝ ආනයනකරුට වෙනස් කළ හැකි ණයවර ලිපි වේ. මේ නිසා අපනයනකරුට අදාළ වටිනාකම ගෙවන අවසථාව දක්වා ම ණයවර ලිපිය වෙනස් කිරිමට පුළුවන. එකි ණයවර ලිපි මගින් අපනයනකරුට එතරම් සුරක්ෂිතතාවක් නොලැබෙන බැවින් ඒවා භාවිතා වන්නේ සුළු වශයෙනි.

දෙපාර්ශවය එකග වු ගෙවිම් ක්‍රමය යටතේ අදාළ මුදල් ලැබෙන බව තහවුරු වු පසු භාණ්ඩ තොගය නැව්ගත කර, අපනයනකරුගේ බැංකුව මගින් අදාළ ලියවිලි ආනයනකරුගේ බැංකුව වෙත යැවිමට අපනයනකරු කටයුතු කරයි.


නෞභාරයට අදාළ ලියවිලි ආනයනකරුගේ බැංකුවට ලැබුණු විට ඒ ලියවිලි බැංකුවෙන් ලබා ගැනිමට ආනයනකරු ක්‍රියා කරයි. අදාළ ලියවිලි භාරගත් ආනයනකරු ඊ ළගට කළ යුත්තේ භාණ්ඩ තොගයට අදාළ ලියවිලි නැව් නියෝජිතයා වෙතඉදිරිපත් කර ඔහුගෙන් භාර දිමේ ඇණවුම (delivery order) ලබාගැනිමයි.



  • නිවේදන ලිපිය හා ලියවිලි ලැබිම් - භාණ්ඩ තොග නැව්ගත කිරිමෙන් පසු එකි නැව ආනයනකරුගේ රටේ වරායට ළගා විය හැකි කාල සිමාව දන්වා ලිපියක් එවිම සාමාන්‍ය සිරිතය. එය, නිවේදන ලිපියක් වේ. එය සමග නෞභාර පත, රක්ෂණ සහතිකය, ඉන්වොයිසිය යන ලියවිලිවල පිටපත් ද එවනු ලැබේ. >
  • භාණ්ඩ නිදහස් කර ගැනිමට අදාළ ලියවිලි බැංකුවෙන් ලබා ගැනිම - විදේශ සැපයුම්කරු සිය බැංකුවට භාර දුන් ලියවිලි එකි බැංකුව ආනයනකරුගේ බැංකුව වෙත එවන අතර ආනයනකරු තම බැංකුවෙන් ඒ ලියවිලි ලබා ගැනිම සදහා අවශ්‍ය පියවර ගනි. මේ සදහා බැංකුව සමග ගිවිස ගත් පරිදි ආනයනකරු ක්‍රියා කිරිමෙන් භාණ්ඩ තොගයට අදාළ ලියවිලි ලබා ගත හැකිය.
  • ආනයන සටහන්කරය ඉදිරිපත් කිරිම - ආනයන භාණ්ඩ තොගය පිළිබද සම්පුර්ණ විස්තර ඇතුළත් කරමින් ආනයනකරු හෝ ඔහුගේ නියෝජිතයා හෝ රේගුව වෙත වාර්තාවක් සැපයිය යුතු ය. එය ආනයන සටහන්කරය (import entry) යි.
  • තීරු බදු හා වරාය ගාස්තු ගෙවිම - නැවෙන් ගොඩ බාන ලද භාණ්ඩ රේගු නිලධාරිගේ පරික්ෂාවට භාජන කෙරෙන අතර භාර දිමේ ඇණවුම රේගුව වෙත ඉදිරිපත් කළ යුතුය. භාණ්ඩ තොගයට අදාළ නෞභාර පත, ඉන්වොයිසිය, රක්ෂණ සහතිකය, ඇහුරුම් ලේඛනය යන ආදි ලියවිලි භාරගෙන නැව් සමාගම වෙනුවෙන් මෙරට පෙනි සිටින නියෝජිතයා ාවත ඉදිරිපත් කෙරෙන විට භාර දිමේ ඇණවුම නිකුත් කෙරේ. එයට පසු ඉහත සදහන් කළ ලියවිලි රේගුව වෙත ඉදිරිපත් කළ යුතු ය. ආනයන භාණ්ඩ, බදුවලට යටත් නම් තීරු බදු හා අනෙකුත් බදු ද ගුදම් ගාස්තු ද ගෙවිමෙන් පසු භාණ්ඩ තොගය වරායෙන් ඉවත් කර ගත හැකි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017