නෞභාර පත ලබා ගැනිම
 

අපනයනය කිරිම සදහා භාර ගත් භාණ්ඩ නැව්ගත කළ බවට සහතික වෙමින් නැව්පති හෝ බලය ලත් නිලධාරියෙකු හෝ නිකුත් කරන නිල කුවිතාන්සිය නෞශාර පත (bill of landing) වේ. මෙය භාණ්ඩ පිළිබද හිමිකම් ප්‍රකාශ කෙරෙන ලියවිල්ලක් වන අතර එය පිටසන් කිරිමෙන් පැවරිය හැකිය. එසේ ම එය නිශ්චිත තොටුපොළක් දක්වා භාන්ඩ ගෙන ගොස් භාර දිමට ඇති කර ගන්නා ගිවිසුමකි. නෞභාර පතකින් පහත සදහන් අරමුණු ඉටුවේ.



  • භාණ්ඩවල හිමිකම පිළිබද අර්ථ අන්සතු කළ හැකි ලියවිල්ලක් විම
  • භාණ්ඩ තොගය නැවට භාර ගත් බවට කැවිතාන්සියක් විම
  • භාණ්ඩ නැව්ගත කළ තැනැ්තාත් නැව් සමාගමත් අතර ඇති කර ගත් සියලු ම කොන්දේසි ඇතුළත් ලියවිල්ලක් විම.

නෞභාර පතක් නිකුත් කිරිමේ දි විශේෂ සදහනක්නැතිව අත්සන් කර ඇත් නම් එය සැලකෙන්නේ පාරිශුද්ධ (clean) නෞභාර පතක් ලෙසය. එයින් අදහස් කෙරෙන්නේ නැව්ගත කළ අවස්ථාවේ දි භාණ්ඩවලට හෝ ඒවායේ ඇසුරුම්වලට හෝ හානියක් සිදු වි නැති බවයි. “ඇසුරුම් කැඩි ඇත.” “භාණ්ඩ පලුදු වි ඇත.” යන ආදි වශයෙන් සදහන් කර නිකුත් කෙරෙන නෞභාර පත දුෂිත (foul) නෞභාර පතක් ලෙස හැදින්වේ. ආනයනකරුවෙකුට එකි නෞභාර පතක් ලැබුණ හොත් භාණ්ඩවල තත්ත්වය පිළිබද ඇති සැකය නිසා ඒවා ප්‍රතික්ෂේප කිරිමට ඔහුට පුළුවන. මේ තත්ත්වය මගහරවා ලිම සදහා හානි රක්ෂණ ලිපියක් (letter of indemnity) භාවිතා කෙරේ. අපනයනකරු විසින් නැව් සමාගම වෙත නිකුත් කෙරෙන මේ ලිපියෙන් අපේක්ෂා කෙරෙන්නේ ආනයනකරු භාණ්ඩ භාර ගැනිම ප්‍රතික්ෂේප කළහොත් එයින් වන පාඩුව දරා ගැනිමටත් භාණ්ඩවලට වි ඇති අලාභය සදහා නැව් සමාගමින් වන්දි ඉල්ලා සිටිය හොත් එය නැව් සමාගමට ගෙවිමටත් පොරොන්දු වෙමින් පාරිශුද්ධ නෞභාර පතක් ඉල්ලා සිටිමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017