භාණ්ඩ තොග රක්ෂණය කිරිම
 

භාණ්ඩ අපනයනයේ දි අපනයනකරුගෙන් ඉටු විය යුතු කාර්ය භාරය මත අදාළ භාණ්ඩ තොගය රක්ෂණය කළ යුතු ද නැද්ද යන්න රදා පවති. විකුණුම් ගිවිසුම අනුව එකග වු මිල අපනයනකරුගේ කර්මාන්ත ශාලාවේ මිල නම්, එතැන් සිට සියලුම වියදම් ආනයනකරු‍ දැරිය යුතු නිසා රක්ෂණය කිරිමේ වගකිම ද ආනයනකරුට දැරිමට සිදු විම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. එසේ ම ගිවිස ගෙන ඇත්තේ මිල, රක්ෂණ, ගැල් කුලිය (feright) ඇතුළුව නම් ආනයනකරුගේ වරාය තෙක් සියලු ම අවදානම් සදහා භාණ්ඩ තොගය රක්ෂණය කිරිම අපනයනකරුගේ වගකිම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017