කැපබල ලිපිය
 

අපනයන බඩු තොගයක් සම්බන්ධයෙන් සැකසුණු විනිමය බිලක් වට්ටම් කර මුදල් ලබා ගැනිමට අපනයනකරුට අවශ්‍ය වුවහොත් කැපබල ලිපියක් (letter of hypothecation) බැංකුව වෙත ඉදිරිපත් කිරිමට පුළුවන. මෙය අවශ්‍ය වන්නේ ආනයනකරු බිල සදහා මුදල නොගෙවිම නිසා බිල අගුරු වුව හොත් භාණ්ඩ තොගය විකුණා මුදල් අයකර ගැනිමේ බලය බැංකුව වෙත පවරා ලැනිම පිණිසය.


අපනයනය සදහා භාණ්ඩ තොග සුදානම් කිරිම -මේ සදහා අනුගමනය කළ යුතු පියවර කිපයකි. ඒවා පහත දැක්වේ.


ඇණවුමේ සදහන් භාණ්ඩ එක්රැස් කර ගැනිම - ගැනවුම්කරු විසින් ඇණවුමේ සදහන් කරන විස්තරවලට සැම ආකාරයකින්ම ගැළපෙන භාණ්ඩ සුදානම් කර ඇසිරිම අපනයනකරුගේ වගකිමයි.


අවශ්‍ය සහතික ලබා ගැනිම - ඇතැම් භාණ්ඩ අපනයනය කිරිම සදහා යම් යම් සහතික ලබා ගැනිම අවශ්‍ය වේ. පහත සදහන් වන්නේ ඒවායින් සමහරකි.


ප්‍රමිති/ තත්ත්ව සහතිකය - භාණ්ඩ නියමිත ප්‍රමිතිවලට අනුකුල ව නිපදවා ඇති බවට ප්‍රමිති සහතිකයක්ද යෝග්‍ය තත්ත්වයෙන් පවතින බවට තත්ත්ව සහතිකයක් ද ලබා ගැනිම ඇතැම භාණ්ඩ අපනයනය කිරිම සදහා අවශ්‍ය වේ.


ප්‍රභවස්ථාන සහතිකය - අපනයනය කරන භාණ්ඩය ඒ රටේ ම නිපද වු බවට සහතික කරමින් ඒ රටේම නිපද වු බවට සහතික කරමින් එරට වාණිජ දෙපාර්තමේන්තුව හෝ වෙනත් බලය ලත් ආයතනයක් හෝ නිකුත් කරන ලියවිල්ලයි. ඇතැම් රටවල් වරණීය තිරු බදු සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹී ඇති විට බදු සහන ලබා ගැනිම සදහා මේ සහතිකය අවශ්‍ය වේ.


සනිපාරක්ෂක සහතිකය - මෙය නිකුත්කෙරෙන්‍ේ ආනයනකරුගේ රටේ අවශ්‍යතාව සදහා ය. ශ්‍රී ලංකාවෙන් ඇතැම් විදේශ රටවලට අපනයනය කරන කෘෂි නිෂ්පාදිත සදහා ඒවා රෝග කාරක බිජ සහ හානි ගෙන දෙන කාමින්ගෙන් තොර බව සහතිකකරමින් කාෂිකර්ම දේපාර්තමේන්තුවේ ව්‍යාධිවේදි අංශයෙන් මේවා නිකුත් කෙරේ. ඉස්සන්, කකුළුවන්, මල්, පැලෑටි, කපාපු පොල්, යන මේවා මේ සහතිකය අවශ්‍ය වන භාණ්ඩවලට නිදසුන් ය.


කිරුම් මිනුම් සහතිකය - වාණිජ මණ්ඩලයක් මගින් නිකුත් කෙරෙන මේ සහතිකයෙන් භාණ්ඩවල බර මෙන් ම එහි මිනුම් (දිග, පළල හා උස) ද දැක්වේ. ඒ ආශ්‍රයෙන් නැවට පැටවෙන භාණ්ඩවල බර ප්‍රමාණය ද භාණ්ඩ දහා අවශය ඉඩ ප්‍රමාණය ද දත හැකිය. එසේ ම නැව් ගාස්තුව තිරණය කිරිම සදහා ද මේ සහතිකය ඉවහල් කර ගැනේ.


තානාපති ඉන්වොයිසිය - අපනයනකරුගේ රට වෙනුවෙන් ආනයනකරුගේ රටේ සිටින තනාපති හෝ ඔහුගේ බලය ලත් නිලධාරියෙකු හෝ අපනයනකරු විසින් පිළියෙළ කරන ලද ඉන්වොයිසියේ සදහන් මිලෙහි නිරවද්‍යතාව තහවුරු කරමින් නිකුත් කරන සහතිකය තනාපති ඉන්‍ොයිසිය (consular invoice) නමින් හැදින්වේ. වටිනාකම අනුව භාණ්ඩ මිල මත තිරු බදු අය කෙරෙන අවස්ථාවලදි රේගුවට මෙය ප්‍රයෝජනවත් වේ.


මේ හැර ආනයනකරු ගිවිසුම් අනුව ඉල්ලා සිටින විශේෂ සහතික ඇතුනම් ඒවා ද ලබා දිමට අපනයනකරු බැදි සිටියි.

(c) Shilpa Sayura Foundation 2006-2017