භාණ්ඩ සදහා මුදල් ලබා ගැනිම අපනයනයට පෙර හෝ පසු ව හෝ කළ හැකිය. විදුලි මුදල් පැවරුම්, බැංකු අණකර, විදේශ මුදල් පැවරුම්, ටෙලෙක්ස් පැවරුම් යන ආදිය මේ සදහා යොදා ගැනේ.
විනිමය බිල් - මෙහි දි අපනයනකරු කරන්නේ බඩු තොගය නැව් සමාගමට භාර දි ලබා ගත් ලියවිලි ආයනකරු නමට සකස් කළ විනිමය බිලට අමුණා තම බැංකුව වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගැනිමයි. බැංකුව එකි ලියවිලි ආනයනකරුගේ බැංකුව වෙත යවයි. බඩු තොගය ආනයනකරුගේ රටට ළගා වු විට ඒවා නිදහස් කර ගැනිම සදහා තමාගේ බැංකුව, වෙත ගොස් අදාළ ලියවිලි භාර ගැනිමට ආනයනකරුට සිදු වේ. මේ සදහා අනුගමනය කළ හැකි ක්‍රම දෙකකි. ඒවායින් පළමු වැන්න ප්‍රතිග්‍රහය කර අදාළ ලියවිලි භාර ගත යුතු බවයි. දෙවැන්න ගෙවීම් පිට ලියවිලි භාර ගැනිමයි. මෙහිදි අදාළ ලියවිලි ලබා ගැනිම සදහා බිලේ සදහන් සම්පුර්ණ මුදල ගෙවිමට ආනයනකරුට සිදු වේ.