ඉන්ඩෙන්ටුව (ඇණවුම) ලැබිම
 

භාණ්ඩ ආනයනය කිරිමට අවශ්‍ය වන විට, විදේශයක සිටින නිෂ්පාදකයකුගෙන් හෝ ඔහුගේ නියෝජිතයෙකුගෙන් හෝ භාණ්ඩ ඇණවුම් කිරිම සදහා භාවිතා කෙරෙන ලියවිල්ල ඉන්ඩෙන්ටුව (indent) වේ. ආනයනය කිරිමට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය,තත්ත්වය, ගෙවිම් ක්‍රමය, නැව්ගත කෙරෙන දිනය, ඇසුරුම් ක්‍රම හා ලාංඡන, නැව්ගත කිරිමට අදාළ උපදෙස් හා භාණ්ඩ රක්ෂණය පිළිබද උපදෙස් ආදි විස්තර ඉන්ඩෙන්ටුවේ පැහැදිලි ලෙස දැක්විය යුතුය.


ඉන්ඩෙන්ටුව සංවෘත, විවෘත වශයෙන් දෙවර්ගයකි. ඇණවුම් කළ භාණ්ඩ ම ගිවිසි මිලට හෝ එයට අඩු මිලකට හෝ ලබා ගැනිම සදහා සංවාත ඉන්ඩෙන්ටුව ද අපනයනකරුගේ අභිමත පරිදි භාණ්ඩ සපයන අවස්ථාවල දි විවෘත ඉන්ඩෙන්ටුව ද භාවිතා කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017