විකුණුම් පිළිබද ගිවිසුමකට එළඹිම
 

කවර හෝ මාර්ගයකින් ගැනුම්කරුවන් සම්බන්ධයෙන් දැන ගත් පසු ඔවුන්ගේ මුල්‍ය ස්ථාවරත්වය පිළිබද තව දුරටත් සොයා බැලිම අවශ්‍ය වේ. මේ සදහා ඔවුන් ගනුදෙනු කරන බැංකුවලින් තොරතුරු ගෙන්වා ගැනිම සාමාන්‍ය සිරිත ය. මේ හැර මෙකි ගිවිසුමක් ඇති කර ගැනිම සදහා පහත සදහන් අයුරු අවශ්‍යතා කිපයක් සපුරාලිය යුතුය.



  • අපනයනය කිරිමට අදහස් කරන භාණ්ඩය සදහා බලපත්‍රයක් ලබා ගත යුතු අවස්ථාවකදි අදාළ බලධරයන්ගෙන් එය ලබා ගැනිම


නිදසුන් : තේ අපනයනය කිරිමේ දි ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් මෙන්ම ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ද අවසර ගත යුතු විම.



  • භාණ්ඩයේ සාම්පල් ඉල්ලා ඇති විටෙක ඒවා ඉදිරිපත් කිරිම.
  • භාණ්ඩ මිල, ගෙවිම් කොන්දේසි, භාණ්ඩයේ තත්ත්වය, භාර දිය හැකි කාල සිමාව යන ආදි තොරතුරු ඇතුළත් නාමමාත්‍ර ඉන්වොයිසියක් යැවිම.
  • ගැනුම්කරු සමග මුදල් ලබා ගැනිම පිළිබදව එකගතාවයකට එළඹිම.

ඉහත සදහන් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයම සෑහිමකට පත් විමෙන් පසු ගිවිසුමකට එළඹිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017