අපනයන ක්‍රියා පටිපාටිය
 

අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි විම


භාණ්ඩ අපනයනය කිරිම සදහා අදාළබලධාරින් වෙත ලියාපදිංචි විම කලකට ඉහත දි අනිවාර්ය විය. එහෙත් මෑතක සිට එලෙස ලියා පදිංචි විම අවශ්‍ය වන්නේ භාණ්ඩ වර්ග කිපයක් සදහා පමණි. නිදසුන් : තේ, පොල්, රබර්, මැණික්


ගැනුම්කරුවන් සොයා ගැනිම


අපනයන කටයුතුවලට ඉදිරිපත්වන්නෙකුට හෝ ආයතනයකට හෝ මුලින්ම සිදු වන්නේ තම භාණ්ඩ සදහා විදේශ ගැනුම්කරුවන් සොයා ගැනිමයි. අන්තර්ජාතික වෙළෙද සල්පිල් හා ප්‍රදර්ශන, විදේශ ආනයනකරුවන්ගේ විස්තර දැක්වෙන නාමාවලි සහ වෙළෙද සගරා, අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, වෙළෙද මණ්ඩල, විශේෂ ගැනුම්කරුවන් පිළිබද විස්තර ලබා ගත හැකිය.


මිල කියුමක් ඉදිරිපත් කිරිම


මී ළග පියවර වන්නේ ඉහත සදහන් කවර ආකාරයට හෝ සොයා ගත් විදේශ ගැනුම්කරු වෙත මිල කියුමක් ඉදිරිපත් කිරිමයි. මෙහි මිල සදහන් කිරිමේ දි බහුල වශයෙන් යොදා ගැනෙන ක්‍රම කිපයක් පහත දැක්වේ.


නැව් තෙක් නොමිලේ - භාණ්ඩ තොගය නැවට පටවන තෙක් දැරිමට සිදුවන සියලු ම වියදම් සැලකිල්ලට ගෙන සැපයුම්කරු මිල සදහන් කර ඇති බව නැව තෙක් නොමිලේ (free on board) යන්නෙන් අදහස් කෙරේ.


මිල රක්ෂණය සහ ගැල් කුලිය - මෙයට භාණ්ඩ තොගයේ මිල මෙන් ම, එය ආනයනකරුගේ රටේ වරාය තෙක් ගෙන යාමට අදාළ රක්ෂණ ගාස්තු සහ නැව් කුලිය ද ඇතුළත් වේ. එනම් ආනයනකරුගේ රටේ වරාය දක්වා සියලුම වියදම් ප්‍රකාශිත මිලට ඇතුළත් වන බව මිල රක්ෂණ ගැල් කුලිය (cost insurance and freight) යන්නෙන් අදහස් කෙරේ.


Fප්රැන්කෝ රෙන්ඩු - ආනයනකරුගේ ගබඩාව දක්වා භාණ්ඩ තොගය ගෙන ගොස් දිමට අදාළ සියලුම වියදම් ප්‍රකාශිත මිලට ඇතුළත් වන බව Fප්රැන්කෝ රෙන්ඩු (Franco rendu) යන්නෙන් අදහස් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017