යම් රටක තවත් රටක් සමග කරන වෙළෙදාම විදේශිය වෙළෙදාම වේ. මෙලෙස රටවල් අතර කෙරෙන වෙළෙදාම අන්තර්ජාතික වෙළෙදාම ලෙස ද හැදින්වේ. මෙය ආනයන, අපනයන යනුවෙන් කොටස් දෙකකි. විදේශ රටකින් භාණ්ඩ හා සේවා මිලට ගෙන්වා ගැනිම ආනයන වෙළෙදාමට ද විදේශ රටකට භාණ්ඩ හා සේවා යැවිම අපනය වෙළෙදාමට ද අයත් වේ. මේ හැරුණු විට අන්තර්ජාතික වෙළෙදාමේ දි අන්තරාල (entrecote) ප්‍රති අපනයන (re-exports) යනුවෙන් ප්‍රභේද දෙකක් දැකිය හැකිය. අන්තරාල වෙළෙදාම වශයෙන් හැදින්වෙන්නේ විදේශ රටකින් මිලට ගත් භාණ්ඩ වෙනත් රටකට සෘජුවම විකිණිම හෝ භාණ්ඩ ගෙන්වා නැව හෝ රේගු ගබඩා හෝ තුළදි තේරිම, වර්ග කිරිම, මිශ්‍ර කිරිම, ඇසිරිම ආදිය කර වෙනත් රටකට නැවත අපනයනය කිරිම හෝ වේ. මෙහි දි තිරු බදු අය කිරිමක් සිදු නොවේ. ප්‍රතිඅපනයන වශයෙන් හැදින්වෙන්නේ භාණ්ඩ විදේශ රටකින් මිලට ගෙන මෙරටට ගෙන්වා රට අභ්‍යන්තරයේ දි ඒවා ඇසුරෙන් වෙනත් භාණ්ඩ නිපදවා අපනයනය කිරිමයි.
අන්තර්ජාතික වෙළෙදාම පදනම් වි ඇත්තේ සාපේක්ෂ වාසි න්‍යාය මතය. යම් රටක්වඩා වාසි සහිත ව එහි නිපදවිය හැකි භාණ්ඩත් සේවාත් නිපදවමින් සෙසු භාණ්ඩත් සේවාත් වෙනත් රටකින් ගෙන්වා ගැනිම වඩා වාසි දායක බව මේ න්‍යායෙන් අදහස් කෙරේ.
වර්තමානයේ සෑම රටක් ම පාහේ අන්තර්ජාතික වෙළෙද කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. අපනයනය මගින් විදේශ විනිමය ඉපයිමට හැකි විම, රට තුළ නිපදවිය නොහැකි භාණ්ඩ හා සේවා ගෙන්වා ගත හැකි විම, රටක අතිරික්ත නිෂ්පාදිත විකිණිම, රැකියා අවස්ථා සුලභ විම, තාක්ෂණික හා ශිල්පිය දැනුම ලබාගත හැකිවිම, රටවල් අතර ආර්ථික, සමාජිය, හා සංස්කාතික සහයෝගිතාව වර්ධනය විම යන ආදි වාසි රැසක් අන්තර්ජාතික වෙළෙද කටයුතුවල නිරත විමේන් ලබා ගත හැකිය.