කුරියර් සේවය
 

ලිපි, පාර්සල් ආරක්ෂාකාරි ලෙස ඉක්මනින් යැවිම සදහා අන්තර්ජාතික වශයෙන් ඇති කර ගත් සේවාවකි. ගුවන් සමාගම් සමග ඇති කර ගත් ගිවිසුම අනුව මේ සමාගම් භාර ගන්නා ලිපි, පාර්සල් යන ආදිය අදාළ පුද්ගලයන් වෙත ඉතා ඉක්මනින් යැවිම සදහා කටයුතු කෙරේ.


මේ සමාගම් ලිපි ද පාර්සල් ද රටට ලගා වු විට අදාළ පුද්ගලයන් වෙත නියෝජිතයන් මගින් ඉක්මනින් භාර දිම සදහා කටයුතු යොදා ඇත. සාමාන්‍ය ගුවන් තැපැලට වඩා වේගවත්ව ද සුරක්ෂිතව ද ලිපි ලේඛන යැවිම මෙයින් සහතික කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017