මෙය 1798 වර්ෂයේ දි ආරම්භ කරන ලදි. සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් පොදු මහජනතාවටත් ව්‍යාපාර කටයුතුවලටත් අදාළ ව විශාල මෙහෙයක් මෙයින් ඉටු වේ. ඒවා අතර තැපැල්පත්, ලිපි, යන ආදිය බෙදා හැරිමත් විදුලි පණිවිඩ, දුරකථන, කේබල් පණිවිඩ යන ආදි පහසුකම් සැසිමත් වැදගත් සේ සැලකිය හැකිය.
මේ හැර තැපැලි කාර්යාල මගින් ද දේශිය හා විදේශිය දුරකථන හා විදුලි පණිවිඩ සේවා සැපයිම ටෙලෙක්ස්, පැක්ස් යන ආදි පහසුකම් සැපයිම ඇතුළු සේවා රාශියක් ඉටු කරනු දැකිය හැකිය.