සන්නිවේදන මාධ්‍යක් තෝරා ගැනිමේ දි සැලකිය යුතු ප්‍රධාන කරුණු
 

අඩු පිරිවැය - පණිවිඩය සදහා දරන පිරිවැය එයින් ලැබෙන ප්‍රතිඵලයට සාපේක්ෂ ව කෙතෙක් දුරට සාධාරණ ද යන්න මෙහි අදහසයි.


වේගය - ග්‍රාහකයා වෙත පණිවිඩය කෙතරම් ඉක්මනින් දිය යුතුව තිබේ ද යන්නයි.


පණිවිඩයේ ස්වභාවය - මෙහි අදහස යැවිය යුතු පණිවිඩයේ ඇතුළත් විය යුතු තොරතුරු අනුව මාධ්‍යය තිරණය කළ යුතු බවයි. නිදසුන්: මෝස්තර, සැලසුම්, යන ආදිය යැවිමේ දි ඒවාට ගැළපෙන මාධ්‍යයක් තෝරා ගැනිම.


සුලභත්වය - අපේක්ෂිත සන්නිවේදන මාධ්‍යය පහසුවෙන් ලබා ගැනිමට හැකියාව තිබේ ද යන්න මෙයින් අදහස් කෙරේ.


බාහිර පරිසරයේ ඇති බාධාකාරි තත්ත්ව - සන්නිවේදන පද්ධතියට විවිධ ආයතන ද පුද්ගලයන් ද මෙන් ම පරිසරාත්මක සාධක ද බලපාන්නේ ද යන්න මෙයින් අදහස් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017