පණිවිඩයක් සකස් කිරිමේ දි සැලකිය යුතු මුලධර්ම
 


  • සම්පුර්ණත්වය - පණිවිඩය ලබන්නාට තමා අපේක්ෂා කරන අයුරින් කටයුතු කිරිමට අවශ්‍ය සියලු තොරතුරු ලබා දිම සම්පුර්ණත්වය (completeness) යන්නෙන් අදහස් කෙරේ.
  • සංෂිප්ත භාවය - පණිවිඩය හැකි තරම් ලුහුඩින් ලබා දිම සංෂිප්ත භාවය (conciseness) යන්නෙන් අදහස් කෙරේ. පණිවිඩය ලුහුඩු විම නිසා දෙපාර්ෂවයටම කාලයත් මුදලත් ඉතිරි වේ.
  • සැලකිල්ල - පණිවිඩය ලබන්නාගේ තත්ත්වය අවබෝධ කර ගෙන පණිවිඩය ලබාදිම සැලකිල්ල (consideration) යන්නෙන් අදහස් කෙරේ. මෙහිදි ඔහුගේ ආකල්ප, චිත්තවේග, ගැටළු, ප්‍රතිචාර යන ආදිය පිළිබදව සැලකිලිමත් විය යුතුය.
  • නියත බව - පණිවිඩය නොපැහැදිලි හා සාමාන්‍ය ප්‍රකාශයක් නොවි නිශ්චිත විය යුතු අතර ව්‍යාකූල ද නොවිම නියත බව (concreteness) යන්නෙන් අදහස් කෙරේ.
  • පැහැදිලි බව - පණිවිඩයේ ඇතුළත් වචන, සංකේත යන ආදිය පණිවිඩය දෙන තැනැත්තා අපේක්ෂා කරන ආකාරයට ම ග්‍රාහකයාට ද අවබෝධ විම, පැහැදිලි බව (clarity) යන්නෙන් අදහස් කෙරේ.
  • ආචාරශිලි බව - ආචාරශිලි බවෙන් (courtesy) අදහස් කෙරෙන්නේ පණිවිඩයට අදාළ දෙපාර්ශවය අතර මිත්‍රත්වය තහවුරු වන ආකාරයටත් නව මිතුරන් ඇති වන ආකාරයටත් පණිවිඩය සකස් විය යුතු බවයි.
  • නිවැරදි බව -නිවැරදි බවෙන් (correctness) අදහස් කෙරෙන්නේ ව්‍යාකරණ, විරාම ලක්ෂණ, පද බෙදිම ආදිය පමණක් නොව යෝග්‍ය භාෂා මට්ටම් යොදා ගැනිමත් නිවැරදි සංඛ්‍යා, දත්ත හා තොරතුරු පණිවිඩයක ඇතුළත් විමත් අවශ්‍ය බවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017