සලකුණු, අංග චලනය, ශබ්ද යන ආදිය මගින් පණිවිඩය දිම යි. රියදුරන්ගේ දැන ගැනිම පිණිස පාසල්, රෝහල්, උසාවි යනාදි ස්ථාන දැක්විම සදහා සංකේත (symbols) මහා මාර්ගවල යොදා තිබෙනු දැකිය හැකිය. ඒ හැර රියදුරන්ගේ ආරක්ෂාව සදහා විවිධ මාර්ග සලකුණු ද සංඥා ද යොදා ඇත. මේ සලකුණු හෝ සංඥා මගින් පිළිපැදිය යුතු උපදෙස් හෝ ගත යුතු පුර්වාරක්ෂා හෝ පිළිබදව ඇනුම් දිමක් කෙරේ. එසේ ම කර්මාන්තශාලා, පාසල් යනාදි ස්ථානවල දවසේ වැඩ ඇරඹීම, වැඩ නිම කිරිම දැනුම් දිම සදහා සිනුව, නළාව ආදිය යොදා ගැනේ.
විෂ සහිත බව, තෙතමනයෙන් හානි සිදු විය හැකි බව, බිදෙන සුළු බව යන ආදිය දැක්විම සදහා විවිධ සංකේත, බහාලන මතුපිට සටහන් කෙරේ.