සන්නිවේදන ක්‍රම විවිධාකාරයෙන් වර්ග කළ හැකිය. එසේ වුවද මෙහි දි සාකච්ඡා කෙරෙන්‍ේ පුළුල් වශයෙන් භාවිතා කෙරෙන ක්‍රම තුනක් පමණි.
- වාචික
- ලිඛිත
- සංකේත හා සංඥා
මේ එක් එක් ක්‍රමය යටතේ බෙහෙවින් භාවිතා වන මාධ්‍ය පහත දැක්වේ.
වාචික - කට වචනය, දුරකථනය, ශබ්ද විකාශන, සරබනුව (warlike talkie) යන ආදිය මගින් කෙරෙන සන්නිවේදනයයි. මෙය පහත සදහන් අයුරු කිප ආකාරයකින් සිදු වේ.
මුහුණට මුහුණලා කෙරෙන ස්නිවේදනය - මෙය පුද්ගලයන් දෙදෙනෙකු අතර මෙන් ම වැඩි දෙනෙකු ද එක් වන රැස්විම් සම්මන්ත්‍රණ, වැඩමුළු යන ආදිය මගින් ද කළ හැකිය. පණිවිඩය ක්ෂණිකව දිය හැකි විමත් ග්‍රාහකයන්ගේ ගැටළු ඒ අවස්ඛථාවේ දි ම නිරාකරණය කළ හැකි විමත් මෙහි ඇති විශේෂ වාසි වේ.
දුරකථනය - අදහස් හුවමාරුව වාචිකව කෙරෙන අතර එයට අදාළ දෙපක්ෂය සම්බන්ධ කරෙනුයේ දුරකථන මගිනි. පණිවිඩය ක්ෂණිකව දිය හැකි විමත් පිළිතුරු ලබා ගත හැකි විමත් පැහැදිලි කිරිම් අවශ්‍ය වෙතොත් ඒවා අප්‍රමාදව ලබා දිය හැකි වීමත් මෙහි ඇති විශේෂ වාසි වේ. මේ හැර ආයතනයක් තුළ ඇති විවිධ අංශ අතර සම්බන්ධතා පවත්වා ගැනිම සදහා අභ්‍යන්තර දුරකථන පණිවිඩ හුවමාරු ක්‍රමය (intercom) යොදා ගැනේ. වර්තමාන තාක්ෂණික දියුණුවත් සමග විවිධ පහසුකම් සහිත දුරකථන භාවිතා කරනු දැකිය හැකිය.
ගුවන් විදුලිය, රුපවාහිනිය - විශාල පිරිසකට ව්‍යාපාර තොරතුරු දැනුම් දිය යුතු විටෙක ඉහත සදහන් සන්නිවේදන මාධ්‍ය යොදා ගැනේ. දේශිය හා විදේශිය වශයෙන් විශාල පිරිසකට පණිවිඩයක් එකවර දිය හැකි විම මෙහි පවත්නා වාසියකි.
ලිඛිත - ලිපි, දැන්විම්, වක්‍ර ලේඛ, නිවේදන, නියෝග, ප්‍රගති වාර්තා, යන ආදිය මගින් කෙරෙන සන්නිවේදනය යි. ලිඛිත සන්නිවේදන ක්‍රම කිපයක් මි ළගට සලකා බලමු.
ලිපිය - ව්‍යාපාර කටයුතුවල දි සේව්‍ය සේවක යන දෙපක්ෂය අතරත් ව්‍යාපාරිකයන් ද ගනුදෙනුකරුවන් ද අතරත් මෙය බහුලව භාවිතා වේ.
දැන්විම් - ප්‍රචාරණය, සේවකයන් බදවා ගැනිම, මිල සංශෝධනය, යන ආදි කටයුතුවලදි මේ ක්‍රමය භාවිතා කෙරේ. මේ සදහා පුවත්පත්, දැන්විම් පුවරු, වෙළෙද සගරා, තොරතුරු පත්‍රිකා යන ආදිය යොදා ගැනේ.
වක්‍රලේඛ - මෙයින් අදහස් කෙරෙන්නේ සේවක පක්ෂය යම් යම් කටයුතුවලදි පිළිපැදිය යුතු උපදෙස්, ක්‍රියා කළ යුතු ආකාරය, ඔවුනට පැවරුණු කාර්ය යන ආදිය ගෙන හැර දක්වමින් ප්‍රධානින් විසින් තම කාර් මණ්ඩලය වෙත ලිඛිතව නිකුත් කෙරෙන්නෙකි.
ඉහත සදහන් ලිඛිත ක්‍රමවලට අමතර ව තාක්ෂණ්‍ය අපයෝගි කර ගත් ලිඛිත සන්නිවේදන ක්‍රම ද දැක්ය හැකිය. දේශිය මෙන් ම විදේශිය වශයෙන් තොරතුරු ක්ෂණික ව ලබා දිමට හැකි විම මෙහි වාසියකි. ඒවායින් සමහරක් පහත දැක්වේ.
විදුලි පණිවිඩය - යම් පණිවිඩයක් ඉක්මනින් යැවිම සදහා මේ ක්‍රමය යොදා ගැනේ. මේ පහසුකම් සපයන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාවත් තැපැල් කාර්යාලයත් ය. දුරකථන පහසුකම් ඇති පුද්ගලයන්ට හෝ ආයතනවලට හෝ තම පණිවිඩය ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාවට කෙළින් ම භාර දිමෙන් ද අදාළ ග්‍රාහකයන් වෙත ඒ පණිවිඩය විදුලි පණිවිඩය මගින් යැවිය හැකිය.
කේබල් පණිවිඩ - පොළොව අභ්‍යන්තරයෙන් හෝ ජලය අභ්‍යන්තරයෙන් හෝ ඇද ඇති කම්බි රැහැන් හා සම්බන්ධ දුරකථන මගින් විදේශයකට යැවෙන විදුලි පණිවිඩ හැදින්වෙන්නේ කේබල් පණිවිඩ ලෙස ය.
ටෙලෙක්ස් - මෙය වේගවත් ලිඛිත සන්නිවේදන මාධ්‍යක් ලෙස සැලකිය හැකිය. මෙහි දි සිදුවන්නේ පණිවිඩය යැවෙන ටෙලෙක්ස් යන්ත්‍රයේ අදාළ පණිවිඩය යැවෙන ටෙක්ලස්, යන්ත්‍රයේ ද එය සටහන් විමයි. පණිවිඩයේ ලිඛිත සටහනක් ග්‍රාහකයාට ලැබේ. දුරකථන අංකය ම හෝ ටෙලිකොම් යන්ත්‍රයට ලබා දි ඇති විශේෂ අංකයක් හෝ යොදා ගනිමින් චන්ද්‍රිකා පණිවිඩ ක්‍රමය මගින් මෙය ක්‍රියාත්මක කෙරේ. මේ පහසුකම් ලබා ගත හැක්කේ ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාවෙනි. මෙහි ඇති විශේෂ වාසිය වන්නේ පණිවිඩය ලබන යන්ත්‍රය ක්‍රියාත්මකව පවති නම් පුද්ගලයෙකු එතැන නොසිටිය ද එහි සටහන් විමයි.
ප්පැක්සිමිලය - ටෙලෙක්ස් පණිවිඩ ක්‍රමයට වඩා දියුණු ක්‍රමයකි. මෙහි දි යවනු ලබන පණිවිඩයේ ඇතුළත් රුප සටහන්, මෝස්තර, සැලසුම්, ලිඛිත වගන්ති ආදිය යන්ත්‍රයට ඇතුළු කර යන්ත්‍රය ක්‍රියාත්මක කෙරේ. ඒ සමගම එහි ඡායා පිටපතක් ග්‍රාහකයාට පැක්ස් යන්ත්‍රයෙන් ලබා ගත හැකිය. ව්‍යාපාරික ලියවිලි මෙන්ම වෙනත් ඕනෑම වර්ගයක ලියවිලි ද කඩිනමින් යැවිම සදහා මේ ක්‍රමය වර්තමානයේ යොදා ගැනේ. යවනු ලබන පණිවිඩයේ ඡායා පිටපතක් ලැබෙන නිසා පණිවිඩයේ නිරවද්‍යතාව තහවුරු විම මෙහි ඇති විශේෂ වාසියයි. පණිවිඩය ලබන යන්ත්‍රය ක්‍රියා කරවන්නෙකු නොමැතිව වුවද ඒ පණිවිඩය සටහන් විම ටෙලෙක්ස් යන්ත්‍රයේ මෙන් ම මෙහි දි සිදු වේ.