යම් තොරතුරක්, අදහසක් හෝ සිතුවිල්ලක් හෝ ලිඛිතව, වාචිකව නැතහොත් ඇගවිමෙන් සංකේතයකින් හෝ සංඥාවකින් හෝ ලබාදිම, ප්‍රකාශ කිරිම හෝ හුවමාරු කර ගැනිම හෝ සන්නිවේදනය ලෙස සැලකිය හැකිය.
පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ හුදෙකලාව ජිවත් විම හෝ පැවතිම හෝ බෙහෙවින් අසිරුය. එහෙයින් සෙසු පුද්ගලයන් ද ආයතන ද සමග සම්බන්ධතා පවත්වා ගැනිම සදහා සන්නිවේදනය අවශ්‍ය වේ.
ආයතනයක සේව්‍ය පක්ෂයේ සැලැසුම්, වැඩ සටහන්, නියෝග, උපදෙස්, පැහැදිලි කිරිම් යන ආදිය සේවක පක්ෂයට ලබා දිමටත් සේවක පක්ෂයේ අදහස්, යෝජනා, ගැටළු, දුක් ගැනවිලි යන ආදිය සේව්‍ය පක්ෂයට දැන ගැනිමටත් එමෙන් ම බාහිර පුද්ගලයන් ද ආයතන ද සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගැනිමටත් සන්නිවේදනය අවශ්‍ය වේ. තම භාණ්ඩ හා සේවා සදහා ඇති වෙළෙද පොළ, ගනුදෙනුකරුවන්ගේ හැසිරීම් රටා, තරගකාරි සැපයුම්කරුවන්ගේ ප්‍රවර්ධන ක්‍රම, විවිධ සේවා සපයන ආයතන යන ආදිය පිළිබද තොරතුරු දැන ගැනිමටත් සන්නිවේදනය අවශ්‍ය වේ. තම භාණ්ඩ හා සේවා සදහා ඇති වෙළෙද පොළ, ගනුදෙනුකරුවන්ගේ හැසිරිම් රටා, තරගකාරි සැපයුම්කරුවන්ගේ ප්‍රවර්ධන ක්‍රම , විවධ සේවා සපයන ආයතන යන ආදිය පිළිබද තොරතුරු දැන ගැනිමටත් ඒ අනුව අවශ්‍ය පරිදි තම උපක්‍රම සකස් කර ගැනිමටත් සන්නිවේදනය නිසා හැකි වේ.
යවන්නාගේ සිට ග්‍රාහකයා වෙත පණිවිඩය යැවිමේ ක්‍රියාවලිය පහත සදහන් අයුරු සිදු වනු දැකිය හැකිය.
- යවන්නා - පණිවිඩය දෙන තැනැත්තා
- පණිවිඩය - යවන්නා විසින් සැපයෙන තොරතුරු
- මාධ්‍යය - පණිවිඩය යැවිම සදහා යොදා ගැනෙ ක්‍රමය (නිදසුන් : වාචික, ලිපි, දුරකථන, රැස්විම් )
- ග්‍රාහකයා පණිවිඩය යොමු විය යුතු තැනැත්තා
- ප්‍රතිචාරය අදාළ ග්‍රාහකයා පණිඩය සම්බන්යෙන් ක්‍රියා කරන ආකාරය
- ප්‍රතිපෝෂණය - ග්‍රාහකයාගේ ප්‍රතිචාරය පිළිබදව පණිවිඩය දුන් තැනැත්තා දැනුවත් කිරිම. (පණිවිඩය ලැබුණේද ග්‍රාහකයාගේ ප්‍රතිචාරය කෙබදු ද යන්න පණිවිඩය දුන් තැනැත්තාට මෙමගින් දැන ගත හැකි වේ.)