ප්‍රවාහනය සම්බන්ධයෙන් අදාළ වන ලියවිලි කිපයක් පහත දැක්වේ.
ආදායම් බලපත්‍රය
මහා මාර්ගයේ ධාවනය කෙරෙන සෑම වාහනයක් ම ආදායම් බලපත්‍රයක් (revenue license) වාර්ෂිකව ලබා ගත යුතුය. මේ සදහා ප්‍රාද්ශිය ලේකම් කාර්යාලයට ගෙවිය යු.ුය. බලපත්‍ර ගාස්තුව වාහනයේ වර්ගය හා ස්වභාවය මත තිරණය කෙරේ.
රක්ෂණ සහතිකය
යන්ත්‍ර මගින් මහා මාර්ගයේ ධාවනය කෙරෙන සැම වාහනයක් සදහා ම යටත් පිරිසෙයින් තෙවන පාර්ශවය ආවරණය කෙරෙන රක්ෂණ ඔප්පුවක්වත් ලබා ගත යුතුය.
යෝග්‍යතා සහතිකය
බස්, ලොරි යන ආදි ඇතුම් වාහන මහා මාර්ගයේ ධාවනය කිරිම සදහා සුදුසු තත්ත්වයේ පවතින බව සහතික කරමින් මෝටර් රථ ගරාජයක් හෝ නිකුත් කරන ලියවිල්ල නමින් හැදින්වේ. මෙය වාර්ෂික ව ලබා ගත යුතුය.
වාහන ගුවන් විදුලි බලපත්‍රය
යම් වාහනයක ගුවන් විදුලි යන්ත්‍රයක් සවි කර තිබේ නම් ඒ සදහා ගුවන් විදුලි බලපත්‍රය වාර්ෂිකව ලබා ගත යුතුය. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් හෝ බලය ලත් ආයතනයකින් හෝ ලබා ගත හැකිය.
රියදුරු බලපත්‍රය
මහා මාර්ගයේ වාහනයක් පැදවිමට අනුමැතිය දෙමින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් පුද්ගලයෙකුට නිකුත් කරන බලපත්‍රය රියැදුරු බලපත්‍රය වේ. රියැදුරු බලපත්‍රයකින් එහි සදහන් කර ඇති පන්තියට අයත් වාහන පැදවිමට පමණක් අනුමැතිය ලැබේ.
ඉහත සදහන් ලියවිලි අතුරෙන් ආදායම් බලපතුය, රක්ෂණ සහතිකය, වාහන ගුවන් විදුලි බලපත්‍රය, රියැදුරු බලපත්‍රය යන මේවා වාහනයක් මහා මාර්ගයේ තිබෙන සෑම අවස්ථාවකදි ම එහි රියැදුරු සතුව තිබිය යුතුය.
ගමන් බලපත්‍රය
යම් පුද්ගලයෙකුට තම රටින් විදේශගත විමටත් සිය රටට යළි පිවිසිමටත් අනුමැතිය ලැබෙන පරිදි ඒ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කරන බලපත්‍රය ගමන් බලපත්‍රය (passport) නමින් හැදින්වේ. සියලුම රටවලට හෝ රටවල් කිහිපයකට පමණක් සිමා වන පරිදි මෙය නිකුත් කෙරේ.
විසා බලපත්‍රය
යම් රටකින් තවත් රටකට ඇතුළු විමටත් එහි නිශ්චිත කාලයක් රැදි සිටිමටත් බලය පැවරෙන සහතිකය විසා (visa) බලපත්‍රයයි. මේ සහතිකය, ගමන් බලපත්‍රයේ අදාළ ස්ථානයේ මුද්‍රව තැබිමෙන් හෝ ලේබලයක් ඇලවිමෙන් හෝ නිකුත් කරනු දැකිය හැකිය. මෙය කරනු ලබන්නේ ඇතුළු විමට අපේක්ෂා කරන රට වෙනුවෙන් මෙරට පෙනි සිටින තනාපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයා හෝ විසිනි.
මහා මාර්ග නිති පද්ධතිය
මහා මාර්ගයේ වාහනයක් පදවන සෑම රියැදුරෙකුම මහා මාර්ග නියෝග හා සංඥා පිළිබද මනා අවබෝධයක් ලබා තිබිය යුතුය. රියැදුරු බලපත්‍රය නිකුත් කිරිම සදහා පවත්වන පරික්ෂණවල දි මේ පිළිබද දැනුම ද පිරික්සෙන බැවින් මේ නිතිරිතිවලට අනුකූලව කටයුතු කිරිමට සෑම රියදුරෙක් ම බැදි සිටි.
භාණ්ඩ ප්‍රවාහනයට සම්බන්ධ ලියවිලි
භාණ්ඩ තොගයක් නැවට භාර ගත් බවටත් ඒ බඩු තොගය නිශ්චිත තොටු පොළට ගෙන ගොස් භාර දෙන බවටත් පොරොන්දු වෙමින් නැව් සමාගම භාණ්ඩ යවන්නා වෙත නිකුත් කරන ලියවිල්ල නෞභාර පත නමින් හැදින්වේ. එසේ ම ගුවනින් භාණ්ඩ යැවිමේ දි ඒවා භාරගත් බවටත් නියමිත ගගන යාත්‍රාංගනට ගෙන ගොස් භාර දෙන බවටත් පොරොන්දු වෙමින් ගුවන් සමාගම නිකුත් කරන ලියවිල්ල ගුවන් මාර්ග බිල (air way bill) නමින් හැදින්වේ. දුම්රිය මගින් භාණ්ඩ යැවිමේ දි මේ සදහා නිකුත් කරන ලියවිල්ල හැදින්වෙන්නේ දුම්රිය වාර්ණාව යනුවෙනි.