ජාතික ගමනාගමන කොමිෂන්සභාව (national transport commission)
 

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ මෙය පිහිටුවන ලදි.


මෙයට අයත් කාර්ය අතර පහත සදහන් ඒවා ප්‍රධාන වේ.



  • මගිප්‍රවාහන සේවා වලට අදාළ ජාතික ප්‍රතිපත්තිය පිළිබදව අජයට උපදෙස් දිම.
  • මගි ප්‍රවාහනය පවත්වා ගෙන යාමට සුදුසු බස් රථ සේවාවක් පවති ද යන්න සොයා බැලිම.
  • මගි ප්‍රවාහනයට අදාළ මාර්ග බලපත්‍ර නිකුත් කිරිම හා ඒවා සම්බන්ධයෙන් කොන්දේසි නියම කිරිම.
  • නිකුත් කරන ලද මාර්ග බලපත්‍රවලට අනුකූලව ක්‍රියා කරන බවට වගබලා ගැනිම.
  • මාර්ග බලපත්‍ර නිකුත් කිරිමටත් අලුත් කිරිමටත් අදාළ ගාස්තු නියම කිරිම.
  • මාර්ග බලපත්‍ර - අයදුම් කිරිම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා නියම කිරිම.
  • පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල සිසුන්ට මෙන් ම තැපැල් සේවා සදහා ද අනුග්‍රහ ගාස්තු මත ප්‍රවාහන සේවා සැලසෙන බවට වග බලා ගැනිම.
  • ලාභ නොලබන මාර්ගවල පවා බස් රථ සේවා පවත්වා ගෙන යන බවට වග බලා ගැනිම හා ඒ මාර්ගවල ධාවකයනට අවශ්‍යශ විටෙක මුල්‍යාධාර සැලසිම සහතික කිරිම.

(c) Shilpa Sayura Foundation 2006-2017