මේ දෙපාර්තමේන්තුවෙන් ඉටු වන කාර්ය අතර සියලු ම රථ වාහන ප්‍රථම වරට ලියාපදිංචි කිරිම, රථ වාහන සදහා වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරිම, අන්තර්ජාතික මාර්ග සලකුණු පද්ධතිය හදුන්වා දිම, සියලු ම මෝටර් රථවාහනවලට අදාළ තොරතුරු ඇතුළත් ලේඛන පවත්වා ගෙන යාම, රියැදුරු බලපත්‍ර නිකුත් කිරිම යන මේවාත් රජය ඉහත සදහන් කටයුතුවලට අදාළව කලින් කල පනවන නියෝග ක්‍රියාත්මක කිරිමත් ප්‍රධාන වේ.
මේ දෙපාර්තමේන්තුවේ කටයුතු දැනට විමධ්‍යගත වෙමින් පවතින අතර ඒ අනුව වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට පවරා ඇත.