ශ්‍රී ලංකාවේ ජල මාර්ග ප්‍රවාහනය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.
- අභභන්තර ප්‍රවාහනය - ගංගා,ඇළ මාර්ග
- බාහිර ප්‍රවාහනය - වෙරළාසන්න ප්‍රවාහන සේවය
අභ්‍යන්තර ප්‍රවාහනය :
භාණ්ඩ ප්‍රවාහනයේ දි කෘතිම සහ ස්වභාවික ජල මාර්ග ප්‍රයෝජනයට ගැනිම සදහා පසුගිය කාල පරිච්ඡේදය තුළ දි උත්සහයක් දරා තිබේ. ගංගා අතුරින් ප්‍රධාන ඒවා වන කැළණි, කළු, මහවැලි, යන ගංගා අනාධිමත් කාලයක සිට භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදා ගැනුන ද අද භාවිතයට ගැනෙනුයේ සුළු වශයෙනි. පුත්තලම් ඇළ, හැමිල්ටන් ඇළ ආදි ඇළ මාර්ග සංවර්ධනය කර භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදා ගැනිමට ද උත්සාහ කරන ලදි. එහෙත් වෙනත් තරගකාරි ප්‍රවාහනය සදහා ජල මාර්ග, භාවිත කිරිම අඩු වෙමින් පවති.
වෙරළාසන්න නැවි සේවය (coastal shipping service)
කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරෙයි, යන වාරාය අතර ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සදහා ශ්‍රී ලංකා නැවි සංස්ථාව යටතේ මේ නැව් සේවාව ආරම්භ කරන ලදි.මෙහි දි බොහෝ විට යොදා ගනු ලබන්නේ කුඩා යාත්‍රාය. අඩු වියදමකින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආරක්ෂා සහිත ව එක වර ප්‍රවාහනය කළ හැකි විම මෙහි විශේෂ වාසිය වේ.