දුම්රිය මාර්ග මගි හා භාණ්ඩ ප්‍රවාහනය
 

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ම්ළුමනින්ම රජයේ ඒකාධිකාරයක් වන අතර එය පවත්වා ගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ය. දුම්රිය මාර්ග ප්‍රදේශ කිපයකට පමණක් සිමා වි ඇත.


දුම්රිය ප්‍රවාහනය හා සෙසු ප්‍රවාහන මාධ්‍ය අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොතිබිම, දුම්රිය ප්‍රවාහනයේ දි ගත වන කාලය සාමාන්‍යයෙන් අධික විම,දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරිමේ දි බොහෝ විට වෙනත් ප්‍රවාහන මාධ්‍ය ද යොදාගන්නා නිසා වැඩි වියදමක්දැරිමට සිදු විම්, අවශ්‍ය ඕනෑම විටෙක මේ සේවය ලබා ගැනිම අපහසු විම, ඇතැම් භාණ්ඩ යැවිම සදහා සුදුසු විශේෂයෙන් සැකසු දුම්රිය මැදිරි නොතිබිම යන ආදිය මෙහි ඇති දුර්වලතා සමහරකි.


දුම්රිය සේවයෙන් ලැබෙන වාසි අතර මගින් විශාල සංඛ්‍යාවක් සහ භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කළ හැකි විම, ආරක්ෂා සහිත විම, වෙනත් ප්‍රවාහන මාධ්‍යවලට වඩා අය කරන ගාස්තු සාමාන්‍යයෙන් අඩු විම, අවශ්‍යතා අනුව ආසන මෙන් ම නිදන මැදිරි ද නිරික්ෂණ මැදිරි ද වෙන් කර ගතහැකි විම,දුර ගමන්වලදි ආපන ශාලා පහසුකම් ලබා ගත හැකි විම යන ආදිය ප්‍රධාන වේ. මේ හැර දුම්රියෙන් නිතර ගමන් කරන මගීන්ගේ පහසුව සදහා විවිධාකාර ප්‍රවේශ පත් නිකුත් කරනු දැකිය හැකිය. ඒවායින් සමහරක් පහත විස්තර කෙරේ.



  • යෑම් ඊම් සදහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර (return tickets) මෙය යම් කාල සිමාවක් තුළ ස්ථාන දෙකක් අතර ගමන් කළ හැකි පරිදි නිකුත් කෙරේ. මේ ප්‍රවේශ පත්‍රයක ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා අඩුය.

  • වාර ප්‍රවේශ පත්‍ර (season tickets) මෙය දුම්රියෙන් නිතර ගමන්කරන්නවුන්ගේ පහසුව සදහා මාසිකව මෙන් ම ත්‍රෛ මාසිකව ද නිකුත් කෙරේ. නිතර ගමන් කරන පුද්ගලයන්ට මෙය ලබා ගැනිම වඩාත් වාසිදායක වේ.

  • නිදහස් දුම්රිය බලපත්‍ර (railway warrants) රජයේ සේවකයන් හෝ රජයේ විශ්‍රාමිකයන් හෝ සදහා නොමිලේ නිකුත් කරන මේ බලපත්‍ර දිවයිනේ ඕනෑම දුම්රිය ස්ථාන දෙකක්අතර ගමන් කිරිම සදහා ලබා ගත හැකිය.

  • වාර්ණාව (consignment note)දුම්රියෙන් භාණ්ඩ යැවිමේ දි ඒ භාණ්ඩ භාර ගත් බවත් ඒවා නිශ්චිත දුම්රිය ස්ථානයට ගෙන ගොස් භාර දෙන බවත් සදහන් කරමින් දුම්රිය ස්ථානාධිපති හෝ බලය ලත් නිලධාරියෙකු හෝ භාණ්ඩ අයිතිකරු වෙත නිකුත් කරන ලියවිල්ල යි.

(c) Shilpa Sayura Foundation 2006-2017