ශ්‍රී ලංකාවේ භූමි පිහිටිම අනුව මහා මාර්ග ආශ්‍රයෙන් භාණ්ඩ ප්‍රවාහනය පහසුවෙන් කළ හැකිය. භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදා ගනු ලබන මාර්ග සංවර්ධනය විය යුත්තේ ප්‍රවාහනය කෙරෙන භාණ්ඩවල බරත් වාහන ධාවනය වන වාර ගණනත් අනුව ය. එහෙත් මේ පදනම අනුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය වි ඇති බවක් නොපෙනේ. පසුගිය දශක කිපය තුළ ශ්‍රී ලංකාවේ ඇති වු ආර්ථික හා ව්‍යාපාර කටයුතුවල ප්‍රසාරණය හේතුවෙන් මහා මාර්ග භාණ්ඩ ප්‍රවාහනය සදහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවති. මහා මාර්ග භාණ්ඩ ප්‍රවාහනය සදහා බහුලව යොදා ගැනෙන මාධ්‍යය ලොරි වේ. දියුණු රටවල් භාණ්ඩ ප්‍රවාහනයේ දි යොදා ගන්නා තාක්ෂණික ශිල්පි ක්‍රම ශ්‍රී ලංකාවට ද හදුන්වා දෙමින් පවති.ද්‍රව වර්ග, ධාන්‍ය වර්ග, සිමෙන්ති යන ආදිය ප්‍රවාහනය සදහා උපයෝගි කර ගන්නා නිසා ප්‍රවාහන පිරිවැය ද අඩු කර ගත හැකි වි තිබේ.
භාණ්ඩ ප්‍රවාහන කටයුතු බහුල ලෙස පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන අතර දේපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමුපකාර යන අංශ යටතේ ද සුළු වශයෙන් පවත්වා ගෙන යනු දැකිය හැකිය.