ශ්‍රී ලංකාවේ මහා මාර්ග මගි ප්‍රවාහනය විධිමත්ව ඇරඹුණේ බ්‍රිතාන්‍ය යුගයේ දි දියත් කළ මහා මාර්ග සංවර්ධනයත් සමගය. පුද්ගලයන් අතලොස්සක් ආරම්භයේ දි පවත්වා ගෙන ගිය ප්‍රවාහන කටයුතු සමාගම් මගින් පසු කලෙක සංවිධානාත්මකව කෙරිණි. එයට පසු 1957 වර්ෂයේ දි සම්මත කළ පාර්ලිමේන්තු පනතක් අනුව මහා මාර්ග බස් මගින් ප්‍රවාහනය මුළුමනින්ම රජය සතු විය. මේ කටයුතු පවත්වා ගෙන යාම සදහා ලංකා ගමනා ගමන මණ්ඩලය ගෙන යාම සදහා ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවා, සම්පුර්ණ බස් මගි ප්‍රවාහන කටයුතු මධ්‍යගත පාලනයට යටත් කරන ලදි. බසු මගි ප්‍රවාහන කටයුතු 1978 වර්ෂයේ දි විමධ්‍යගත කරමින් ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය යටතේ පළාත් 9 සදහා ප්‍රාදේශිය ගමනාගමන මණ්ඩල නාමයක් ඇති කර, සියලු ම පාලන බලතල ඒ මණ්ඩලවලට පවරා 1983 තෙක් පවත්වා ගෙන යන ලදි. බස් මගි ප්‍රවාහන කටයුතු පවත්වා ගෙන යාම සදහා පෞද්ගලික අංශයට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ 1977 වර්ෂයේ දී අවසර දිමත් සමග ම මගි ප්‍රවාහන කටයුතු රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ තරගකාරිත්වය යටතේ සිදු විණි. 1987 වර්ෂයේ දි සම්මත කර ගත්, රාජ්‍ය සංස්ථා හා රජයට අයත් ව්‍යාපාර පොදු සමාගම් බවට පත් කිරිමේ පනත අනුව ප්‍රාදේශිය ගමනාගමන මණ්ඩල යටතේ ක්‍රියාත්මක වු බස් ඩීපෝ ජනතා සන්තක සමාගම් බවට පත්කරන ලදි.