ට්‍රෑම්ප් නැව් සේවය ( tramp service)
මෙහි දි නැව් නියමිත කාල සටහනකට අනුව ධාවනය නොකෙරෙන අතර ගමන් මග ද කල් ඇති ව නිගමනය කර නැත. මේ නිසා ලැබු භාණ්ඩ පටවා ගෙන කවර හෝ ස්ථානයකට ප්‍රවාහනය කිරිමට ට්‍රෑම්ප් නැව් හිමියනට සිදු වේ. මේ නැව් යම් ගමනක් සදහා හෝ භාණ්ඩ යම් කාල සිමාවක් තුළ ප්‍රවාහනය කිරිම සදහා හෝ කුලියට ගත හැකිය.