ගුවන් ප්‍රවාහනයේ දි ගුවන් ගුවන් තොටු පොළ ද ජල ප්‍රවාහනයේ දි වරාය ද ගොඩබිම් ප්‍රවාහනයේ දි දුම්රිය හෝ බස් හෝ නැවතුම්පොළ ද පර්යන්තය ලෙස සැලකේ. මෙය කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. භාණ්ඩ පැටවිම, බෑම, එහා මෙහා ගෙන යාම, භාණ්ඩවල ස්වභාවයට ගැළපෙන වාහනවලට මාරු කිරිම යන ආදිය සදහා පර්යන්තය ප්‍රයෝජනවත් වේ. එහෙයින් පර්යන්තයක ප්‍රමාණවත් ඉඩකඩ, ගබඩා පහසුකම්, විවිධ වර්ගවල වාහන හැසිරවීමේ පහසුකම් යන මේවා තිබිම අත්‍යවශ්‍ය වේ. මේවා ස්ථාන පිරිවැයක් දරා නඩත්තු කිරිම සිදු වේ. මගින් ප්‍රවාහනයේ දි මෙය වැදගත් වන අතර ප්‍රමානවත් පොදු පහසුකම් වන ආපන ශාලාත්, විවේකාගාරත් සහිතව පර්යන්ත සකස් විය යුතුය. නිදසුන් වශයෙන් ගුවන් තොටුපොළවල, වරායවල, ප්‍රධාන බස් නැවතුමුපොළවල, දුම්රිය නැවතුම් පොළවල මගින් සදහා විවිධ පහසුකම් සලසා ඇත.