මෙය
මහා මාර්ග (මංමාවත් - highways)
දුම්රිය මාර්ග (Railways)
ජල මාර්ග (Waterways)
ගුවන් මාර්ග (Airways)
දුම්රිය මාර්ග (Railways)
ජල මාර්ග (Waterways)
ගුවන් මාර්ග (Airways)
යනුවෙන් ප්‍රධාන කොටස් හතරකට බෙදිය හැකිය.
මහා මාර්ග (මංමාවත්)ප්‍රවාහන කටයුතු සදහා උපයෝගි කර ගන්නා ලොකු කුඩා පාරවල් මේ වර්ගයට අයත් වේ. මේවා ඉදි කිරිම, නඩත්තු කිරිම ආදිය සදහා සෑහෙන වියදමක් දැරිමට සිදු වේ. වෙනත් ප්‍රවාහන මාර්ග මෙන් නොව මහා මාර්ග රට පුරා විහිදි තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
දුම්රිය මාර්ග -මෙය ද ගොඩ බිමේ දැකිය හැකි විශේෂ මාර්ගයක් වන අතර මේවා ඉදි කිරිමේ නඩත්තු කිරිමේ පිරිවැය අධික ය. මේ නිසා ඒවා ඉදි කර ඇත්තේ වැඩි ම ආර්ථික වාසිය ලැබිය හැකි යැයි අපේක්ෂා කරන ප්‍රදේශ සම්බන්ධ කෙරෙන අයුරිනි.ජල මාර්ග -මෙය අභ්‍යන්තර ජල මාර්ග, බාහිර ජල මාර්ග යනුවෙන් දෙ වර්ගයකට බෙදිය හැකිය. රටක් තුළ පිහිටි ඇළ, දොළ, ගංගා, ජලාශ, විල්, මගින් කැරෙන ප්‍රවාහනය අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනයට අයත් වේ. මුහුදු හා සමුද්‍ර ඔස්සේ රටවල් අතර කෙරෙන ප්‍රවාහනය බාහිර ජල මාර්ග ප්‍රවාහනයයි. අන්තර් ජාතික වෙළෙද කටයුතු පවත්වා ගෙන යාම සදහා බහුල වශයෙන් භාවිතා කෙරෙන්නේ මේ ප්‍රවාහන ක්‍රමයයි.
වෙනත් ප්‍රවාහන මාර්ග
නළ මාර්ග -නළ මාර්ග (pipelines) මගින් ද විවිධ ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරේ. ගෑස්, ජලය, ඛණිජ තෙල්, අපද්‍රව්‍ය යන මේවා එලෙස ප්‍රවාහනය කෙරෙන ද්‍රව්‍යවලට නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
කම්බි යානා ක්‍රමය -එක් ස්ථානයක සිට තව ස්ථානයක් වෙත මගීන් හෝ භාණ්ඩ හෝ කම්බියක එල්ලා ඇති යානාවක් (cable car) මගින් ප්‍රවාහනය කිරිම මෙහි දි සිදු වේ. තේ දලු රැස් කිරිමේ මධ්‍යස්ථානවල සිට කර්මාන්තශාලා වෙත ගෙන යාම සදහා ද සිංගප්පුරුව, ස්විස්ටර්ලන්තය ආදි රටවල පුද්ගලයන් ප්‍රවාහනය කිරිම සදහා ද මේවා යොදා ගැනේ.