මිනිසුන් හෝ ද්‍රව්‍ය ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාම ප්‍රවාහනය (transport) වශයෙන් සරල ලෙස හැදින්විය හැකිය. ඈත අතිතයේ දි අද මෙන් දියුණු ප්‍රවාහන ක්‍රම නොතිබිණි. හිස හෝ කර හෝ මත තබා ගෙන භාණ්ඩ ගෙන යාම, ඇද ගෙන යාම, සතුන්, අත් කරත්ත යන ආදිය යොදා ගෙන භාණ්ඩ ගෙන යාම ආදි ක්‍රම ප්‍රවාහනය සදහා එකල යොදා ගැනිනි. ඒවාට අමතරව දියුණු ප්‍රවාහන ක්‍රම ද මෙකල යොදා ගැනේ.
ප්‍රවාහන සේවයෙන් වර්තමාන සමාජයට සැලසෙන සේවාව ඉතා විශාලය. සමාජයේ ජීවත් වන පුද්ගලයන්ට මෙන් ම ආයතනවලට ද ඒවායේ අවශ්‍යතා සපුරා ගැනිම සදහා ප්‍රවාහනය බෙහෙවින් උපකාරි වේ. මේ හැර පුද්ගලයන් අතර අන්‍යෝනය සම්බන්ධතා ඇති කර ගැනිම, විවිධ කටයුතු සදහා ගමන්වල යෙදිම, දැනුම වර්ධනය කර ගැනිම, තාක්ෂණික හා විද්‍යාත්මක වර්ධනය කර ගැනිම, ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික සම්බන්ධතා පවත්වා ගැනිම යන ආදිය සම්බන්ධයෙන් ප්‍රවාහනය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.