පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගම්
 

1962 අංක 25 දරන රක්ෂණ පාලන පනතේ ද 1986 අංක 42 දරන රක්ෂණ පාලන සංශෝධන පනතේද සදහන් පරිදි පෞද්ගලික රක්ෂණ සමාගම් පිහිටුවිමේදිත් පවත්වාගෙන යාමේ දිත් පහත සදහන‍් අයුරු ක්‍රියා කළ යුතුය.




    • 1982 අංක 17 දරන සමාගම් පනත ය‍ටතේ සිමා සහිත පොදු සමාගමක් වශයෙන් සංස්ථාපනය කළ යුතු විම

    • යෝජිත රක්ෂණ ව්‍යාපාරය මුළු මනින්ම ජිවිත ආරක්ෂණ ක්‍රියාවලියක් වේනම් ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනය රුපියල් මිලියන පනහකට නො අඩු විම

    • සමාගමක තිබිය යුතු අවම ප්‍රාග්ධනය නිකුත් කළ හැකි එක් ඔප්පුවකඋපරිමය වටිනාකමද සම්බන්ධයෙන් පනතේ පහත සදහන් සීමාවලට අනුකූල විම

සීමා සහිත පොදු සමාගමක් වශයෙන් රක්ෂණ සමාගමක් සංස්ථාපනය කල පසු ව්‍යාපාර කටයුතු වල නිරත විම සදහා රක්ෂණ පාලකවරයා වෙත ලියාපදිංචි විය යුතුය.


සාංගමික පොදු සමාගමක් වශයෙන් රක්ෂණ සමාගමක් සංස්ථාපන සහතිකය, ව්‍යාපාරයක ආරම්භ සහතිකය යන මේවායේ සහතික කළ පිටපත් ද ගෙවා නිමි ප්‍රාග්ධනය දැක්වෙන ප්‍රකාශක්ද යෝජිත රක්ෂණ ව්‍යාපාර වර්ගය දැක්වෙන ලියවිල්ලක්ද ඉදිරි තෙවසර සදහා ව්‍යාපාර සැලස්මද යන මේවා අදාල ගාස්තුව සමග ලියා පදිංචිය සදහා ඉදිරිපත් කළ යුතුය.


පෞද්ගලික අංශයේ රක්ෂණ ව්‍යාපාර කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සදහා අදාල ඇමතිවරයා විසින් රක්ෂණ පාලකයෙක් පත් ‍කෙරේ. ඔහු සතු බල තල හා කාර්ය කිහිපයක් පහත දැක්වේ.




    • රක්ෂණ සමාගමේ ලියාපදිංචි කිරිම සදහා බලතල නිකුත් කිරිම

    • රක්ෂණ පාලන පනතේ සදහන් කොන්දේසි වලට අනුකූලව ක්‍රියාකරනබව‍ට වග බලා ගැනිම සහ ඒවා උල්ලංගනය කරන සමාගම් වෙතොත් ඒවා ලියා පදිංචිය අවලංගු කිරිම

    • රක්ෂණ ගිවිසුම් වල සදහන් නොපැහැදිලි ‍ කොන්දේසි සහ වගන්ති වෙතොත් ඒවා සංශෝධනය කිරිමට ඉවත් කිරිමට නියෝග කිරිම

    • රක්ෂකයන් නිකුත් කරන ඔප්පු සම්බන්ධයේන් ඔවුන් අය කළ යුතු උපරිමය හෝ අවම හෝ රක්ෂණ ව‍ාරික අනුප්‍රමණය කලින් කළ වෙනස් කිරිම

    • රක්ධණ කර්මාන්තයේ ක‍ාර්ය සාධනය සම්බන්ධයෙන් අමාත්‍ය වරයා වෙත වාර්තාවක් වාර්ෂිකව ඉදිරිපත් කිරිම

මේවා හැරුණු විට පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගම්වල කටයුතුවිධිමත්ව පවත්ව‍ගෙන යාම සදහා රක්ෂණ සමාගම් පිළිපැදිය යුතු කොන්දේසි කිහිපයක් පහත දැක්වේ.




    • යම් රක්ෂණ සමාගමක නිරතව සිටින රක්ෂණ කටයුතු ස්භාවයට ගැලපෙන සුදුසුකම් ඇති විශේෂඥයන් සමාගමේ සේවය සදහා යොදා ගැනිම

    • සෑම රක්ෂයකුම ප්‍රාග්ධනය ඇතුළු සිය සංචිත අරමුදල් වලින් යම් ප්‍රතිශතයක් පනතේ සදහන් රජයේ සුරකුම්වලත් අනුමත ආයෝජන වල යෙදවිම

    • ගිනි රක්ෂණය, මුහුදු රක්ෂණය, යන මේ ගිවිසුම් සහ ඔප්පු යට‍‍ෙත් සමාගම් වලට ලැබෙන දළ වාර්ෂික රක්ෂණ වාර මුදලින් සියයට පහලොවක් ජාතික රක්ෂණ සංස්ථා‍වේ ප්‍රති රක්ෂණය කිරිම

    • රක්ෂණ පාලක නියම කෙරෙන වාර්තා සහ විමසීම් සදහා අදාල තොරතුරු සැපයිම

(c) Shilpa Sayura Foundation 2006-2017