1973 අංක 23 දරන කෘෂිකර්ම රක්ෂණ පනත යටතේ කෘෂි රක්ෂණ මණ්ඩලය 1974 දි පිහිටුවන ලදි.වගා කටයුතු, සත්වපාලන කටයුතු, ආදි නිරත වන පුද්ගලයනට සිදුවන පාඩුවලදි ඔවුනට වන්දි ගෙවිමත් ගොවිපොළ ආදායම් ස්ථාවර කිරිමත් කෘෂි නිෂ්පාදනයේ ඵලදායිතාව වැඩි කිරිමත් සදහා කෘෂිරක්ෂණ ක්‍රමයක් ඇති කිරිම ද කෘෂිකර්මික සංවර්ධනයට අවශ්‍ය පර්යේෂණ කටයුතුවලට නිරත විමද මෙහි පරමාර්ථය වේ. ගංවතුර, නියග, කෘෂි රෝග, යනාදි ස්භාවික උවදුරුද කෘමින් වල්සතුන් යනාදින්ගෙන් වගාවට හා අස්වැන්නවෙන හානිද ආවරය වන පරිදිවගා සහ අස්වැන්න රක්ෂණය කිරිම මෙන්ම ගවයන් හා එළුවන් රක්ෂණය කිරිමද කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් සිදු කෙරේ.
මේ හැරුණු විට 1987 අංක 12 දරන ගොවි විශ්‍රම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රමයද 1990 අංක 23 දරන ධිවර විශ්‍රම වැටුප් ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රමයද ක්‍රමයද, 1990 අංක 23 රදන ධීවර විශ්‍රම වැටුප් ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක‍්‍රමය පනත යටතේ අරඹන ලද ධිවර විශ්‍රම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ක්‍රමයද ක්‍රියාත්මක කෙරේ.
කෘෂිකාර්මිකයනටත් ධිවර කාර්මිකයනටත් ජිවිතාන්තය දක්වා විශ්‍රම වැටුප් ගෙවිම, අර්ධ හෝ පුර්ණ හෝ දුබලතාවයකදි එකවර වන්දි දිමනාවක් හෝ ගෙවි, ඔවුන්ගෙන් යැපෙන්න්නන්ට ඔවුන්ගේ මරණයෙන් පසු පාරිතෝෂිතයක් ගෙවිම යන මේවා ඉහත සදහන් යෝජනා ක්‍රම යටතේ සිදු වේ.