1979 අංක 22 #3503;රණ රක්ෂන සංස්ථාව විශේෂ විදිවිධාන පනත යටතේ 1980 මාර්තු මාසයේදි පිහිටුවන ලද මෙහි පරමාර්ථය වුයේ ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව සතුව පැවැති ඒකාධිකාරය නැති කරන තරග කාරි රක්ෂණ වෙළද පොළක් බිහිකිරිමත් පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව සහ රාජ්‍ය අංශයේ ස්ථාවර භාවය එකාබද්ධ කර වඩාත් ගුණාක්මක සේවාවක් මහ ජනතාවට ලබා දිමත් ය. මේ සදහා සමාන්‍ය තැරැවුකරුවන්ට අමතරව, රක්ෂණ කටයුතුවල නිපුණත්වයක් ඇති සීමා සහිත ඇක්ලන්ඩ් ෆිනෑස්, සිමාසහිත සෙලින්කෝ රක්ෂණ යන ආදි පෞද්ගලික අංශයේ ඇතැම් ආයතනද සංස්ථා නියෝජිතයන් වශයෙන් සහභාගිකරවා ගැනිම විශේෂ ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය. ඒ හැර කොටස් ප්‍රාග්ධනය සදහා පෞද්ගලික අංශයෙත් රාජ්‍ය අංශයෙත් ආයතන හා සංස්ථාවේ සේවකයන්ද සහභාඟි විම මෙහි තවත් ලක්ෂණයක් වේ.