ශ්‍රි ලංකාවේ රක්ෂණ වෙළද පොළ
 

ශ්‍රි ලංකාවේ රක්ෂණ කටයුතු 1961 ට පෙර පැවැතුණේ දේශිය හා විදේශිය සමාගම් සතුවය. 1961 අංක 2 දරන ලංකා රක්ෂණ සංස්ථා පනත යටතේ ලංකා රක්ෂණ සංස්ථාව පිහිටුවිමත් සමගම රක්ෂණ කටයුතු රාජ්‍ය ඒකාධිකාරයක් බවට ක්‍රමයෙන් පත් විය. රක්ෂණ කටයුතු ගම්බද ප්‍රදේශ වල ව්‍යාප්ත කිරිමට, රක්ෂණ ඔප්පු හිමියනට පුර්ණ ආරක්ෂාව සැළසීම රක්ෂණ ඔප්පු හිමියන්ගෙත් ආර්ථිකයෙත් යහපත තකා රක්ෂණ අරමුදල් විදේශ රටවලට ඇදි යාම වැලැක්විම, යන මේවා රක්ෂණ කටයුතු ජනසතු කිරිමට තුඩු දුන් කරුණු වේ. රක්ෂණ ක්‍රමයේ එතෙක් පැවැති ඒකාධිකාරි තත්ත්වය නැතිකර, තරගකාරිත්වය තුළින් වඩාත් හොද රක්ෂණ සේවාවක් සැළසීම සදහා ජාතික රක්ෂණ සංස්ථාවද 1979 අංක 22 දරන පනතින් ආර්ථික ප්‍රතිපත්ති යට‍‍තේ රක්ෂණ කටයුතු වල නියලිමට පෞද්ගලික අංශයට 1986 වර්ෂයේදි යලි ඉඩ සැළසිණ.


මේ අනුව රාජ්‍ය අංශයේ ආයතනවලට අමතරව සීමා සහිත සී.ටි.සි ඊගල් සීමා සහිත සෙලින්කෝ සිමා සහිත යුනියන් ඇෂුවරන්ස් යන පෞද්ගලික අංශයේ පොදු සමාගම් ද රක්ෂණ කටයුතු වල නියලි සිටිනු දැනට දැකිය හැකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017