ජිවිත ආරක්ෂණය සහ සෙසු රක්ෂණ අතර ඇති සමාන අසමානකම්
 

ජිවිත ආරක්ෂණය



  1. ජිවිතය පිළිබද නිෂ්චිත අවදානමක් නැත.
  2. රක්ෂිතයා ඔප්පුව කල් පිරෙන තෙක් ජිවත් වුවහොත් ඔප්පුවේ වටිනාකම සහ ප්‍රසාද මුදල්ද වෙනත් ප්‍රතිලාභ ඇත්නම් ඒවාද ඔහුට ලැබේ.ඔප්පුව කල්පිරිමට පෙර මිය ගිය හොත් ඔහුගේ උරුමක් කාරයන්‍ට ඔප්පුවේ සදහන් මුදල ලැබේ.
  3. ජිවිත ආරක්ෂණ මුදල් ඉතිරි කිරිමේ මාර්ගයකි.
  4. ජිවිත ආරක්ෂණ ඔප්පුවක් වෙනත් කෙ‍නකු‍ට පැවැරිය නොහැකිය.
  5. ජිවිත ආරක්ෂණ ඔප්පුවක් ඇපයක් වශයෙන් තබා ණය මුදලක් වශයෙන් ලබා ගත හැකිය.
  6. පුද්ගලයකුට තම ජිවිතය ඔනෑම අගයකට රක්ෂණය කළ හැකිය.

සෙසු රක්ෂණ



  1. නිශ්චිත අවදානමක් නැත.
  2. රක්ෂණ දේපළවලට අනතුරක් සිදු වුවහොත් පමණක් එය යථා තත්ත්වයට පත් කර ගැනිමට සරිලන වන්දියක් ලැබෙන අතර එසේ අනතුරක් සිදු නොවුව හොත් ගෙවු වාරික මුදල ආපසු නොලැබේ. ඉතිරි කිරිමේ මාර්ගයක් නොවේ
  3. දේපොළක හිමිකම පැවරිමේදි එයට අදාල රක්ෂණ ඔප්පුවද පැවැරිය හැකිය.
  4. මේ වර්ගයේ ඔප්පුවක් ඇපයක් ලෙස නොපිළි ගැනේ.
  5. දේපොළක් රක්ෂණය කළ යුත්තේ එහි සැබැ වටිනාකමකටය

(c) Shilpa Sayura Foundation 2006-2017