රථවාහන අනතුරු වලින් වාහන වලටත් දේපොළ වලටත් පුද්ගලයන්ටත් සිදුවන මුල්‍ය පාඩුව මෙයින් ආවරණය කෙරේ. මේ යටතේ ලබාගත හැකි රක්ෂණ ඔප්පුවලින් සමහරක් පහත දැක්වේ.
පුර්ණාවරණ රක්ෂණ ඔප්පු - මේවා රථය, එහි ගමන් කරන මගින්, තෙවන පාර්ශවිය ජිවිත හා දේපල හා යන මේ සියල්ලම ආවරණය වන පරිදි ලබා ගත හැකි ඔප්පුවේ.
තෙවන පාර්ශවයට රක්ෂණ ඔප්පු - මේවා රක්ෂිත රථයට පරිභාහිරව මහා මාර්ගයේ සිටින හෝගමන් ගන්නා හෝ පුද්ගලයන්ටත් භාහිර දේපොළ වලටත් සිදුවන හානි අවරණය කරන ඔප්පුවේ.
අවම තෙවන පාර්ශව රක්ෂණ ඔප්පු - මේවා මහා මාර්ගයේ සිටින හෝ ගමන් ගන්නා හෝ පුද්ගලයන්ට සිදුවන හානි පමණක් ආවරණය කරන ඔප්පුවේ. මේ වර්ගයේ ඔප්පු නිකුත් කිරිම සමාන්‍යයෙන් දුර්ලභ සිද්ධියක් වේ.
ඉහත සදහන් රක්ෂණ ඔප්පු වර්ග හැරුණු විට ව්‍යාපාරිකයන්ගේ විශේෂ අවශ්‍යතා සලකා පහත සදහන් රක්ෂණ ඔප්පු වර්ගද නිකුත් කරනු දැකිය හැකිය.