අලාභ ප්‍රධාන වශයෙන් පුර්ණ, අර්ධ යනුවෙන් අදහස් කෙරෙන්නේ නැවට හෝ නෞභාරයට (cargo) හෝ සිදු විය හැකි මුළු අලාභයයි. මෙයද නිත්‍ය පුර්ණ අලාභ යනුවෙන් දෙවර්ගයකි. මුහුදේ ගමන් කරමින් තිබු නැවක් මුහුදු බත් විම නිසා හෝ ගිනිබත් විම නිසා හෝ සහමුලින්ම විනාශයට පත් විම නිසා නිත්‍ය නැවක් බේරා ගැනිමට නොහැකි හෝ බේරා ගැනිම නිෂ්ඵල බව හෝ පෙනි යන්නේ නම් එකි අලාභ අර්ථදායි පුර්ණ අලාභයක් ලෙස සැළකිය හැකිය.
අර්ධලාභ යනු නැවට හෝ නෞභාරයට හෝ සිදුවන පුර්ණ නොවු අලාභ වේ. අර්ධ අලාභ, සාමාන්‍ය, පොදු වන්දිය (general average) විශේෂ වන්දිය (particular average) යනුවෙන් දෙයාකාරය, සාමාන්‍ය වන්දි යනු නැවත් නෞභාරයත් බේරා ගැනිමේ චේතනාවෙන් දරණ ප්රයත්නයේදි එක් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිප දෙනකුගේ හෝතොගවලට හානි සිදුවන අවස්ථාවේදි අනෙකුත් සියලුම රක්ෂිතයන් තම තමන්ගේ භාණ්ඩවල වට්නාකම අනුව අලාභය බෙදා ගැනිමයි. මෙලෙස නැවෙත් නෞභාරයේත්ආරක්ෂාව සලසා සාධාරණ හේතු මත දරාගැනිමට සිදුවන ව්‍යාතිරෙක අලාභයක් හෝ හානියක් හෝ වියදමක් හෝ සාමාන්‍ය පොදු වන්දියක් ලෙස හැදින්විය හැකිය. අනතුරට පත් නැවක් බේරා ගැනිම සදහා නැවේ ඇති බඩු වලින් කොටසක් මුහුදට විසි කිරිම, නැවේ හටගත් ගින්නක් නිවිම සදහා ජලය ඉසිමෙන් ඇතැම් භාණ්ඩවලට හානි සිදුවිම, ක්‍රියා විරහිත වු නැවක් වරායට ඇදගෙන යාම සදහා වියදම් දැරිම , අනතුරට පත් නැවක් වෙනත් නැවකින් ඇදගෙන යැමෙදි ඒකි නැවේ එන්ජිම ප්‍රමාණයෙන් ඉක්මවා ක්‍රියා කිරිම නිසා එන්ජිමට හානි සිදුවිම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මෙලෙස ඇතිවු අලාභ හෝ හානි හෝ වියදම් හෝ අදාල සියලු පාර්ශව විසින් සමානුපාතිකව දරාගත යුතුය. රක්ෂණ ඔප්පුවේ සදහන් කවර හෝ අවදානමකින් නැවට හෝ නැව්භාරයට සිදුවන අර්ධ අලාභ විශේෂ වන්දිය වේ. ගල්පර හෝ වෙනත් යාත්‍රා සමග ගැටිමෙන් නැව තුළට මුහුදු ජලය ඇතුළු විම, ගිනි ගැනිම යනාදි යෙන් සිදුවන පුර්ණ නොවන අලාභ මේ ගණයට අයත් වේ. මේකි අලාභ ඒකි දේපොළ හිමිකරුවන් විසින්ම දරාගත යුතුය.