මුහුදු උවදුරු රක්ෂණය
 

නැවට හෝ නෞභාරයට හෝ මුහුදේදි සිදු විය හැකි උවදුරු සදහා වන්දි ලබා ගැනිමට මේ රක්ෂණ ක්‍රමය ඉවහල් වේ. මුහුදු වුවදුර‍ැ රක්ෂණ ක්‍රමයේදි ලබා ගත හැකි ඔප්පු රාශියකි. ගමන්, කාල, මිශ්‍ර, චල (විවෘත හෝ ප්‍රකාශන ඔප්පුව) නැව් නිෂ්පාදක, නැව් හමුදා යනාදි ඔප්පු මේවායින් සමහරකි.


ගමන් ඔප්පුව - නිෂ්චිත ස්ථාන දෙකක් අතර යාත්‍රා කිරිමේදි සිදු විය හැකි මුහුදු වුවදුරු සදහා ලබා ගැනෙන ඔප්පුවයි.


කාල ඔප්පුව - සදහන් කරන ලද නිෂ්චිත කාල සීමාවක් ඇතුළතදි කවර හෝ ගමනකදි සිදුවිය හැකි හානි ආවරණය කර ගැනිම සදහා ලබා ගැනෙන ඔප්පු වර්ගයකි.


මිශ්‍ර ඔප්පුව - නිශ්චිත ස්ථාන දෙකක් අතර නිශ්චිත කාලයක් ඇතුලත යාත්‍රා කිරිමේදි සිදු විය හැකි අවදානම රක්ෂණය කිරිම සදහා ලබා ගැනෙන ඔප්පු වර්ගයකි.


වල ඔප්පුව - යම් නිෂ්චිත කාලයක් ඇතුළතදි යැවිමට අපේක්ෂා කරන මුළු භාණ්ඩවල ව‍ටිනා කමට සරිලන නියමිත ගෙවිම් කර, යවන බඩු තොගය වෙනුවෙන් හානි ඔප්පුවක් ලබා ගැනේ. එයට පසු වරින් වර යවන බඩු වල වටිනාකම් වලට අදාල ආකෘති පත්‍ර මගින් රක්ෂකයා වෙත දැනුම් දිය යුතුය. එවිට රක්ෂකය‍ා එම වටිනාකමට සරිලන මුදල් ප්‍රමාණයක් ඔප්පුවේ මුළු වටිනාකමින් අඩු කරනු ලැබේ. ආනයන අපනයන කටයුතු වල නිරතුරුවම යෙදෙන ව්‍යාපාරිකයන්ගේ පහසුව තකා මේ ඔප්පු වර්ගය නිකුත් කෙරේ.


නැව් නිෂ්පාදන ඔප්පුව - නැව් තැනිමේදිත් පරික්ෂා කිරිම සදහා යාත්‍රා කිරිමේදිත් ඇණවුම් කළ පුද්ගලයනට භාර දිමට පෙ‍රත් ඒවාට සිදුවිය හැකි හානි ආවරණය කිරම සදහා ලබා ගන්නා ඔප්පුවයි.


නැව් හමුදා ඔප්පුව - නැව් සමාගමක් සතුව නාවුක යාත්‍රා කිහිපයක් ඇති විටක ඒ සියල්ලම ආවරණය වන පරිදි එක් ඔප්පුවක් ලබා ගැනිම මෙයින් අදහස් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017