ගිනි රක්ෂණය (fire insurance) මුලික අරමුණ වන්නේ දේපල වලට ගින්නෙන් ඇති වන අලාභානි සදහා වන්දි ලබා ගැනිමයි. අකුණු, ගෑස් යනාදි හේතු කොටගෙන ඇතිවන පිපිරිම් නිසා සිදුවන අලාභානි, අමතර ගෙවිමකින් තොරව ගිනි රක්ෂණ ඔප්පුවකින් ආවරණය කර ගත හැකිය. මේ හැර ජල ගැලිම්, සුළි සුලං ගිනි තැබිම් යනාදි අවදානම්ද අතිරේක මුදලක් ගෙවිම යටතේ ආවරණය කර ගත හැකිය.
සමාන්‍ය වගන්ති සහිතව, සමාන්‍ය වගන්ති රහිත යනුවෙන් රක්ෂණ ඔප්පු ප්‍රධාන වශයෙන් දෙවර්ගයකි. සමාන්‍ය වගන්ති රහිත ඔප්පුවක් යටතේ ගින්නෙන් සිදුවන අලාභාහනියකදි ලබා ගත හැකිය. නිදසුනක් වශයෙන් රුපියල් 100 000 ක් වටිනා දේපොළක් රුපියල් 60 000 කට රක්ෂණය කර තිබියදි එයට රුපියල් 50 000 ක අලාභයක් සිදු වුව හොත් ඒ සම්පුර්ණ අලාභයම ලබා ගැනිමට මේ ගිවිසුම යටතේ පුළුවන
සමාන්‍ය වගන්ති සහිත ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා තිබියදි රක්ෂිතයාට ඔප්පුවේ සදහන් මුලු වටිනා කම හො සිදු වු මුළු අලාභය හෝ ලැබෙන්නේ නැත. මෙහිදි ලැබෙන්නේ සමානුපාතිකව ගණනය කෙරුණු වන්දිය පමණි. එය ගණනය කරන්නේ පහත සදහන් ආකාරයටය.
60 000 x 50 000 = රුපියල් 30 000
100 000