වාරික රක්ෂණ ඔප්පුව
 

මේ ඔප්පුව නිකුත් කරන්නේ යම් කාල සීමාවක් සදහාය. ඒ කාල සීමාව තුළ වාරික ගෙවිමට රක්ෂිතයා බැදි සිටි. නියමිත කාලසිමාව ඉක්ම යාමෙන් පසු ඔප්පුවේ සදහන් මුදල රක්ෂිතයාට ලබාගත හැකිය. ඔහු එයට පෙර මියගිය හොත් ඔහුගේ නිත්‍යානුකුල හිමිකරුවනට ඔප්පුවේ සදහන් මුදල ලැබේ.


විවිධ රක්ෂණ ආයතන විසින් මේ ඔප්පු වර්ගයට අදාල ව නානා අවශ්‍යතා වලට ගැලපෙන ආකාරයේ විවිධ ඔප්පු නිකුත් කරනු දැකිය හැකිය. ත්‍රිවිධ ප්‍රතිලාභ, විවහා දායාද, පිරිපුන් යන රක්ෂණ ඔප්පු මේවාට නිදසුන් වේ.


ජිවිත රක්ෂණ ඔප්පුවක් ලබාගත් පුද්ගලයකුට වාරික අඛණ්ඩව ගෙවිය නොහැකි වු විටකදි අනුගමනය කළහැකි ක්‍රියා මාර්ග පහත දැක්වේ.


පවරණ අගය ලබා ගැනිම - රක්ෂිතයා මෙතෙක් ගෙවා ඇති මුළු වාරික මුදලින් යම් අනුපාතිකයක් ලබාගෙන ගිවිසුම් අවලංගු කිරිම, පාවරණ අගය (surrender value) ලබා ගැනිමයි. පාවරණ අගය ලබා ගැනිම සදහා යම් කාලසීමාවක් දක්වා වාරික ගෙවිමට රක්ෂිතයාට සිදු වේ. ගෙවා නිමි ඔප්පුවක් බවට පත් කර ගැනිම - ඔප්පුව සදහා ගෙවා ඇති මුදල ගිවිසුමේසදහන් කාල සීමාව අවසානයේදි ලබා ගැනිමයි. රක්ෂිතයා ගිවිසුමේ සදහන් කාල සීමාව අවසන් විමට පෙර මිය ගිය හොත් ඔහුගේ නිත්‍යානුකූල හිමිකරුවනට ඒකි ව‍ටිනාකම ලබා ගත හැකිය.


ඉහත සදහන් ක්‍රම අනුගමනය කරන්නේ මුල් ගිවිසුම ප්‍රාණවත්ව තබාගැනිම‍ට රක්ෂිතයා තුළ උනන්දුවක් ඇතිවු විටය. කෙසේ වුවද ඒ පිළිබද උනන්දුවක් ඇති අවස්ථාවකදි කළ යුත්තේ රක්ෂණ ආයතනයත් සමග සාකච්ඡා කර, අඩාල (lepsed) ඔප්පුව ප්‍රාණවත් කර ගැනිමයි. මේ සදහා හිග වාරික එකවර හෝ කොටස් වශයෙන් ගෙවිමටත් රක්ෂකයා පනවන වෙනත් කොන්දේසි අනුව කටයුතු කිරිමටත් සිදු විය හැකිය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017