ජිවිත ආරක්ෂණය
 

ජිවිත ආරක්ෂණයේ අරමුණ වන්නේ රක්ෂිතයාගෙන් යැපෙන්නන්ට ඔහුගේ මරණින් පසු මුල්‍ය ප්‍රතිලාභයක් සලසා දිමය. මේ හැර ඔප්පුව කල් පිරිමෙන් පසු යම් මුදලක් රක්ෂිතයාගේ අවශ්‍යතා සදහා ඉතිරි කර ගැනිමද මෙහි තවත් අරමුණකි. ජිවිත රක්ෂණ ඔප්පුවක් ලබා ගැනිමට අපේක්ෂා කරන පුද්ගලයකු අදාල ආකෘති පත්‍ර සම්පුර්ණ කර තමන්ම හෝ නියෝජිතයකුගේ මාර්ගයෙන් හෝ රක්ෂණ ආයතන වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඒ යෝජනාව පිළි‍ගැනේ නම් රක්ෂිතයත් රක්ෂකයත් අතර ගිවිසුමක් ඇති වේ. ගිවිසුමට අදාල කොන්දේසි සදහන් කරමින් රක්ෂකය‍ා රක්ෂිතයා වෙත නිකුත් කරන ලියවිල්ල රක්ෂණ ඔප්පුව (insurance policy) නමින් හැදින්වේ.

ජිවිත රක්ෂණ ඔප්පුව පහත පරිදි ප්‍රධාන වර්ග කිහිපයකට බෙදිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017