ආසන්නතම හේතුව
 

මෙයින් අදහස් කෙරෙන්නේ රක්ෂිත දේපොළකට සිදුවු වුවදුරකදි එකි සිද්ධියකට තුඩු දුන් ප්‍රබලතම හේතුව වන්දි ගෙවිමෙදි සැළකිල්ලට ගන්න‍ා බවය. සොර බිය රක්ෂණ ඔප්පුවක් ලබා ගත් දේපොළක් ගින්නෙන් විනාශ වුව හොත් සොර බිය ඔප්පුව යටතේ වන්දි ලබා ගැනිම නොහැකි විම නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.


රක්ෂණය කරන ලද විෂය වස්තුවකට හානියක් සිදුවුව හොත් රක්ෂණ ඔප්පුවකින් වන්දි ලබාගත හැක්කේ එකි හානිය රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වි තිබේ නම් පමණක් බව මේ මුලධර්මයෙන් කියවේ. රක්ෂිත විෂය වස්තුවකට හානියක් සිදු වු කළ ඒ හානිය සිදු විමට බල පෑ හේතු කිහිපයක් බැලු බැල්මට තිබිය හැකිය. හානිය සදහා වන්දි ගෙවිමේදි සළක‍ා බලන්නේ ඒකි හේතුන් අතුරින් ඒ හානිය සිදුවිමට සෘජුවම බලපෑ හේතුවයි. ‍ඒ හේතුව රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වි තිබෙ නම් පමණක් වන්දි ගෙවිම කෙරේ.


මෙය පහත සදහන් නිදසුන් ඇසු‍රින් සළකා බලමු. නැවකින් භාණ්ඩ තොගයන් ප්‍රවාහනය කරන විට නැව අනතුරකට පත් විණැයි සිතමු. නැව අලුත් වැඩිය‍ා කිරිම සදහා වර‍ායකට ගෙන යන ලදි. එහිදි අලුත් වැඩියා කටයුතු සදහා බඩු තොගය බෑමට සිදු විය. එලෙස බෑමේදි භාණ්ඩ වලට අලාභයක් සිදු වුයේ නම් ‍ඒ වෙනුවෙන් වන්දි ගෙවිමට රක්ෂකයා බැදි නැත. එසේ නොගෙවන්නේ බඩු තොගයට ඒ අයුරින් සිදු වන අලාභ රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වි නැති නිසායි.


ආසන්නතම හේතුව (proximate cause ) පිළිබද මුලධර්මය දේපොළ, වගකිම් , ජිවිත යන මේ සෑම රක්ෂණයට ම අදාල වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017