ආ‍දේශන
 

රක්ෂණ දේපළකට අලාභයක් සිදුවු විටක එකි අලාභය එයට හානි කළ තැනත්තාගෙන් අය කර ගැනිමට රක්ෂිතය‍ාට අයිතියක් ඇත. මේ අනුව ඒ අලාභය තම රක්ෂණ සමාගමෙන් අය කර ගෙන, හානිය කළ තැනැත්තාගෙන් එය අයකර ගැනිම සදහා තම‍ාට ඇති අයිතිය රක්ෂකය‍ාට පැවැරිම ආදේශනය (subrogation) යන මුල ධර්මයෙන් අදහස් වේ. මේ අයිතිය පැවැරිම ආදේශන ලිපියක් මගින් සිදු කෙරේ. මෙය නිදසුනක් මගින් පැහැදිලි කළ හැකිය.


සිල්වා සතු රථයක් රුපියල් 100 000 කට රක්ෂණය කර ඇතැයිද පෙරෙර‍ාගේ රථය මේ රථයේ ගැටිම නිසා රුපියල් 30 000 ක අලාභයක් සිල්වාගේ රථයට සිදුවුයේ යැයි සිතමු. මේ අලාභය පෙරෙරාගෙන් අය කර ගැනිමට සිල්වාට අයිතියක් ඇත. එහෙත් ඔහුට එම මුදල තම රක්ෂණ සමාගමෙන් ලබා ගෙන පෙරෙ‍‍ර‍ාගෙන් අය කර ගැනිමට ඇති අයිතිය රක්ෂණ සමාගම වෙත පැවැරිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017