හානි පුරණය
 

යම් රක්ෂිත දේපලකට හානි සිදුවුවහොත් එයට සරිලන වන්දියක් පමණක් ගෙවන බව හානි පුරණ (indemnity) මුලධර්මයෙන් අදහස් වේ. මේ මුලධර්මය ජිවිත ආරක්ෂණය (life insurance) හෝ පුද්ගල අහඹු (accident) රක්ෂණය හෝ කෙරෙහි බලනොපයි. මිනිස් ජිවිතයක ‍හෝ අවයවයක හෝ වටිනාකම මුදලින් තක්සේරු කළ නොහැකිවිම මෙයට හේතුවයි. (රක්ෂණයෙන් රක්ෂිතයාට පාඩුවක් හෝ ලාබයක් හෝ ලැබිය නොහැකි බව මේ මුලධර්මයෙන් හැගවේ)


යම් දේපලක් සෑබෑ වටිනාකමකට වඩා වැඩි මුදලක‍ට රක්ෂණය අධි (අධි රක්ෂණය) කළත් මේ මුලධර්මය පදනම් කරගෙන ගෙවනු ලබන්නේ සිදුවු හානියට සරිලන වන්දියක් පමණි. එහෙත් සෑබැ වටිනාකමකට වඩා අඩු මුදලකට රක්ෂණය (ඌන රක්ෂණය) කර ඇති විටක වන්දිගෙවනුයේ සැබැ වටිනාකමත් පදනම් කරගත් අනුපාතය අනුවය. රු 50 000 ක් වටිනා දේපොළක් රුපියල් 75 000 කට රක්ෂනය කලද එය සම්පුර්ණයෙන් විනාශ වුවහොත් ගෙවන්නේ රුපියල් 50 000 ක වන්දියක් පමණක් විමත් අර්ධ අලාභානියක් සිදු වුව හොත් ගෙවන්නේ ඒකි සම්පුර්ණ අලාභයයක් සිදු විමත් නිදසුන් වශයෙන් දැක්විය හැකිය. එසේ වුවද රුපියල් 50 000 ක් ව‍ටිනා මේ දේපොළ රුපියල් 40 000 කට රක්ෂණය කර තිබෙන වි‍ටෙක පුර්ණ අලාභයක් සිදුවි නම් ඔහු‍ට උපරිම වශයෙන් ලැබෙන්නේ රුපියල් 40 000 කි. අර්ධ අලාභයක් සිදුවි නම් සමානුපාතික ලෙස ගණනය කරණු වන්දියක් ලැබෙනු ඇත. එනම්, මේ නිදසුනෙදි තම අලාභයන් 4/6 ක් පමණි.

(c) Shilpa Sayura Foundation 2006-2017