රක්ෂණය හැදින්වීම
 

සෑම තරාතිරමකට ම අයත් ව්‍යාපාරිකයනට මේන්ම පුද්ගලයන‍ට ද අවදානම් වලට මුහුණ පෑමට සිදුවන නිසා රක්ෂණ (insurance) වැදගත් උපකාරක සේවාවක් ලෙස සැළකේ. දේපොළවලට ගින්නෙන්, සොරසතුරන්ගෙන් හදිසි අනතුරුවලින් අලාභාහනි සිදු විමත් පුද්ගලයන්ගේ ජිවිතවලට පැමිණෙන අණතුරුවලින් අකර්මණ්‍යතාවය, ජිවිත හානි විම වැනි විපත් ඇති විමත් ‍මේ අවදානම් වලින් කිහිපයකි. මේ නිසා පුද්ගලයකුට හෝ කිහිප දෙනකුට හෝ අපහසුවෙන් විදදරා ගැනිමට සිදුවන පාඩු වැඩි පිරිසක් අතර ව්‍යාප්ත කිරිමේ අරමුණින් රක්ෂණය බිහිවි ඇත.



කෙසේ වෙතත් අප මුහුණ පාන සෑම අවදානමක්ම රක්ෂණය කළ නොහැක. ඒකි අවදානම් සමහරක් පහත දැක්වේ.



නෛසර්ගික උපද්‍රව මත ඇතිවන අවදානම නිද: ක්ෂය විම, වාෂ්පවිම, සීද‍ියාම, යල් පැනිම, මහලුවිම



අලාභය මුල්‍ය වශයෙන් තක්සේරු කළ නොහැකි අවදානම් නිද:ව්‍යාපාරිකඅනාගත පාඩු



වැරදි කළමණාකරණ තීරණ නිසා ඇතිවන අවදානම් නිද: වෙළද පොළපිළිබද පර්යේෂණ නොපවත්වා යම් භාඩයක් මහාපරිමාණවශයෙන් නිපද විම නිසා ඇති වන පාඩු



රක්ෂණයට සහභ‍ාගිවන පාර්ශව දෙකකි.



රක්ෂකයා (insurer) රක්ෂණ අවදානම භාරගන්න‍ා ආයතනයයි. මේ අයතනජිවිත හා දේපල සම්බන්ධයෙන් විවිධ අවදානම් රක්ෂණය කරන අතර අලාභසිදුවු විට වන්දි ගෙවයි.



රක්ෂිතය‍ා (insured) රක්ෂණ ආවරණය ලබාගන්නා තැනත්තාය. ගිවිසුමේප්‍රකාර වාරික ගෙවිය යුතු අතර අලාභයකදි වන්දි ඉල්ලිමටද හිමිකම් ලබයි.

(c) Shilpa Sayura Foundation 2006-2017