මෙයින් අදහස් කරන්නේ ව්‍යාපාර කටයුතු සදහා අවශ්‍ය කෙටි කාලින, එනම් වර්ෂයකදි හෝ එයට අඩු කාලච්ඡේදයකදි හෝ සාමාන්‍යයෙන් පියවිය යුතු ණය ගනුදෙනු සිදු කරන ආයතන වලින් සමන්විත වෙළද පොළය. මේ අනුව මුදල් වෙළද පොළ මගින් ව්‍යාපාර වලට අවශ්‍ය කෙටි කාලින අරමුදල් සැපයේ.
ශ්‍රි ලංකාවේ මුදල් වෙළද පොළ සංවිධිත, (organized) අසංවිදිත යන දෙයාකාරයෙන්ම ක්‍රියාත්මක වනු දැකිය හැකිය. සංචිත මුදල් වෙළද පොළ යනුවෙන් අදහස් කරන්නේ, කෙටි කාලින අරමුදල් සැපයිම සදහා ක්‍රියාත්මක වන වාණිජ බැංකුවල කෙටි කාලින ණය ගනුදෙනු හා අන්තර් බැංකු එක්ෂණ ණය (inter bank call loans) භාණ්ඩාගාර බිල්, මුදල් තැරවුකාර අයතන යන ආදියේ එකතුවයි. අසංවිදිත මුදල් සැපයුම් වෙළද පොළ යනුවෙන් අදහස් කරන්නේ විධිමත් සංවිදානයකින් තොරව කෙටි කාලින අරමුදල් සපයන පෞද්ගලික මුදල් ණයට දෙන්නන්, සිල්ලර බඩු ණයට විකුණන වෙළෙදුන්, උකස් ගන්නනන් ආදින්ගෙන් සමන්විත වෙළද පොළයි.
වාණිජ බැංකු : අයිරා පහසුකම් සැපයිම, කෙටි කාලින ණය පහසුකම් සැපයිම, අන්තර් බැංකු ණය එක්ෂණ වෙළදපොළේ කටයුතු වල නිරතවිම යන මේ ආකාරයට වාණිජ බැංකු මුදල් වෙළද පොළේ කටයුතු වලට සහභාගි වෙයි. මෙහිදි අන්තර් බැංකු ණය ඒක්ෂණ වෙළද පොළ යනුවෙන් අදහස් කරන්නේ බැංකු අතර සිදුවන කෙටි, එනම් එක් දිනකදි හේ දින කිහිපයකදි හෝ පියවිය යුතු, ණය ගනුදෙනුය. මේ ගනුදෙනු මගින් අතිරික්ත මුදල් ශේෂ පවත්නා බැංකුවලට පොළියක් උපයා ගැනිමටත් කෙටි කාලින ණය අවශ්‍ය බැංකුවලට එවා ලබා ගැනිමටත් ඉඩ සැළසෙයි.
මුදල් තැරැවුකාර ආයතන : මුදල් තැරැවුකාර ආයතන යනුවෙන් අදහස් කරන්නේ මුදල් ණයට දිය හැකි පුද්ගලයන් හෝ ආයතන හෝ මුදල් ණයට ගැනිමට අවශ්‍ය පුද්ගලයනටත් ආයතනවලටත් හදුන්වා දි, ඒ මුල්‍ය අවශ්‍යතා සපුරා ගැනිමට උපකාරි වෙන ආයතන විශේෂයකි. මේ ආයතන විධිමත් ලෙස පිහිටුවිම ආරම්භ වුයේ 1982 වර්ෂයේ සිටය. කීල්ස් ට් අන්ඩ් ආර් ලිමිටඩ් , බාට්ලිට්, එල්.එම්.ජි ෆරෙක්ස් ලිමිටඩ්, පිගෝට් චැප්මන් කම්පැනි ලිමිටඩ්, ෆොබ්ස් මනි බෝකර්ස් ලිමිටඩ්, මර්කන්ටයිල් ෆිනෑන්ෂල් බ්‍රොකර් ලිමිටඩ් යන මේවා දැනට ක්‍රියාත්මක නක ආයතන වේ. තැරැවුකාර ආයතන සපයන සේවා වෙනුවෙන් ගාස්තුවක් දෙපාර්ශවයෙන්ම අය කෙරේ.
භාණ්ඩාගාර බිල් වෙළද පොළ : භාණ්ඩාගාර බිලක් යනුවෙන් අදහස් කරන්නේ රජයේ කෙටිකාලින මුල්‍ය අවශ්‍යතා සපුරාලන මහ භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ගනුදෙනු කළ හැකි ලියවිල්ලකි. මේවායේ කල් පිරිමේ කාලය මාස 3 හෝ6 හෝ 12 හෝ වේ. රජය වෙනුවෙනු භාණ්ඩාගාර බිල්පත් සදහා බලය ලත් වෙළදුන්ගෙන් ටෙන්ඩර් පත් කැදවන්නේත් විකුණන්නේත් ශ්‍රි ලංකා මහ බැංකුවයි. වාණිජ බැංකුව, ජාතික ඉතිරිකිරිමේ බැංකුව, බැංකු නොවන ආයතන, සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල යනාදිය මේවායේ බොහෝ විට ආයෝජනය කරයි. භාණ්ඩාගාර බිල් මුල්වරට නිකුත් කිරිමේදි ඒ හා අදාල ගනුදෙනු හැදින්වෙන්නේ භාණ්ඩාගාර බිල් පිළිබද ප්‍රාථමික වෙළද පොළ නමිනි. මුල්වරට මිලට ගත් බිල් කල් පිරිමට පෙර වෙනත් පාර්ශ්ව අතර හුවමාරු විම හැදින්වෙන්නේ භාණ්ඩාගාර බිල් පිළිබද ද්විතික වෙළද පොළ නමිනි.
අභ්‍යන්තර විදේශ විනිමය වෙළද පොළ : විදේශ විනිමය බිල්, විදේශ බැංකු අණකර, විදේශ සංචාරක චෙක්පත්, විදේශ ව්‍යවහාර මුදල් යනාදිය මිලට ගැනිමත් විකිණිමත් හැදින්වෙන්නේ අභ්‍යන්තර විදේශ වෙළද පොළ නමිනි. මේ කටයුතු වල නියලිමට වාණිජ බැංකුවලටත් ඒවායේ ඇතැම් ශාඛා වලටත් ව්‍යාපාර බැංකුවලටත් අනුමත ආයතනවලටත් පිළිවන. මේ ගනුදෙනු සිදු වන්නේ විදේශ ව්‍යවහාර මුදල් ගැනුම් මිල අනුපාතිකයත් විකුණුම් මිල අනුපාතිකයත් අනුවය. මේ වෙළද පොළ සංවර්ධනය කිරිම සදහා කැන්බිස්ටේ අන්තර්ජාතික සංගමයේ (ඇසෝෂීයේෂන් කැන්බිස්ටේ ඉන්‍ටර්නැෂනල් - association canbiste international අනුබද්ධිත ආයතනයනයක් ලෙස ශ්‍රි ලංකා ෆෙරෙක්ස් සංගමය පිහිටුවා ඇත. ශ්‍රි ලංකාවේත් විදේශවලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත ආයතන අතර අන්‍යෝන්‍ය විස්වාසය හා සුහදතාව තහවුරු කිරිම මේ සංවිධනයේ පරමාර්ථය වේ.
එතෙර බැංකු කටයුතු වෙළද පොළ - බැංකුව පිහිටුවා ඇති රටේ භාවිතා වන ව්‍යවහාර මුදලින් හැර වෙනත් විදේශ විවහාර මුදල් වර්ගවලින් පමණක් තැන්පතු භාර ගැනිමේත් කෙටි කාලින ණය සැපයිමේත් නියුතු බැංකුවක් එතෙර බැංකුවක් වේ. මෙවැනි බැංකුවකින් කෙරෙන ප්‍රධාන කාර්ය වන්නේ ශ්‍රි ලංකා මහ බැංකුව අනුමත ඕනෑම විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් කාලින හා ඉල්ලුම් තැන්පතු භාරගැනිමත් ණය හා අත්තිකාරම් සැපයිමත් වේ. ඉහත සදහන් ප්‍රධාන කාර්යයන් දෙකට අමතරව ගණුදෙනු කරුවන් සදහා ණයවර ලිපි, ඇපකාර හානි රක්ෂණ සහතික යනාදිය නිකුත් කිරිමයි. බිල් වට්ටම් කිරිම හා ප්‍රතිගහනය කිරිම ආදිය මේ බැංකුවෙන් කෙරෙන අනෙකුත් කාර්යය වේ. ශ්‍රි ලංකාවේ මේ කටයුතු කෙරෙන්නේ වාණිජ බැංකුවල පිහිටුවා ඇති විවහාර මුදල් එකක විසිනි. මේ බැංකු එකක සමග ගනුදෙනු කළ හැක්කේ නිර්නේවාසිකයනටත් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ලියා පදිංචි වි සිටින ව්‍යවසයකයනටත් ශ්‍රි ලංකා මහ බැංකුවෙන් අනුමත නේවාසිකයනටත් පමණි.