කල් බදු සමාගම
 

ඉදිකිරිම් කර්මාන්ත වලටත් වෙළද හා වාණිජ කටයුතුවල නියැලි පුද්ගලයනට‍ත් ආයතනවලටත් වාහන, යන්ත්‍ර සුත්‍ර, උපකරණ ආදි ලබා ගැනිම, සදහා කල්බදු පහසුකම් සැපයිම සිය ව්‍යාපාර කාර්යය කරගත් විශේෂිත මුල්‍ය ආයතන වර්ගයකි. කල් බදු දිම යනුවෙන් අදහස් වන්නේ ඉහත සදහන් චංචල දේපොළ යම් ගිවිසුමක් මත ව්‍යාපාරිකයනට නිෂ්චිත කාලයක් සදහා බදු දිමයි. දේපල බද්ධට ගත් පුද්ගලයා ගිවිසුමක් අනුව යම් ගාස්තුවක් කල්බදු සමාගමට ගෙවිමට බැදේ. ලංකා ඔරෙක්ස් ලීසිං කම්පැනි ලිමි‍ටඩ්, මර්කන්‍ටයිල් ලීසිං කම්පැනි ලිමිඩ් යන මේවා කල්බදු සමාගම් වලට නිදසුන් වේ. මේ හැර වාණික් (ව්‍යාපාරික) බැංකුද වාණිජ බැංකු සමහරක් ද ව්‍යාපාරික කාර්යයක් ලෙස කල්බදු පහසුකම් සපයනු සමාන්‍යයෙන් දැකිය හැකිය. කල්බදු සැපයුම පහත සදහන් ස්වරූපය ගනි.


මුල්‍ය කල්බදු : දිගු කාලින වශයෙන් කල් බදු දිමේ ක්‍රමයයි. මෙහිදි කල් බද්ද වාරික වශයෙන් ගෙවිය යුතු අතර වත්මන් නඩත්තු කිරිම සාමාන්‍යයෙන් කෙරෙන්නේ බදු ගැනුම්කරු විසිනි. කල්බදු ගිවිසුම අවලංගු කළ හැක්කේ දෙපාර්ශවයේ එකගත්වය මත පමණි.


මෙහෙයුම් කල බදු : මේ ආකාරයේ කල් බදු ගිවිසුමක් එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට දැනුම් දිමකින් අවලංගු කළ හැකිය. ‍ඒ හෙයින් මෙවැනි කල් බද්ද අවිනිශ්චිත කාලයකට සකස් වන්නක් ලෙස සැළකේ. ඒ නිසා මේකි ගිවිසුම් සාමාන්‍යයෙන් කෙට් කාලින වේ. මෙහිදි වත්කම් නඩත්තුව කල්බදු සමාගමෙන් කෙරේ.


විකුණා ආපසු බද්දට ගැනිම : ව්‍යාපාරිකයන් සතු ස්ථාවර වත්කම් හෝ වත්කම් හෝ කල්බදු සමාගම් විකුණා නැවත එය හෝ ඒවා හෝ දිගු කාලින වශයෙන් බදු ගැනිම මෙහිදි සිදු වේ. බදු මුදල් කල්බදු සමාගමට ගෙවනු ලබන්නේ වාරික වශයෙනි.


නඩත්තු කල් බදු : මෙහිදි වත්කම් නඩත්තුව කල්බදු සමාගම විසින් කරනු ලබන අතර කල් බදු ගිවිසුම බල පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් කෙට් ක‍ාලයකටය.

(c) Shilpa Sayura Foundation 2006-2017