කාර්ය
 


  1. ජංගම ගිණුම් පවත්වා‍ෙගන යාම හැර අනෙකුත් වර්ගවල මුදල් තැන්පතු භාර ගැනිම සහ පවත්වාගෙන යාම

  2. පොළියට මුදල් ණයට දීම

  3. කල්බදු පහසුකම් සැපයිම

  4. රූපවහිනි, ශිතකරණ, රෙදි සෝදන යන්‍ත්‍ර, රූපවාහිනි ආදි කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ ගන්නවුන‍්ට මුල්‍ය පහසුකම් සැපයිම

  5. ඉඩම් මිලට ගැනිම හා වෙන්දේසි කිරිම, නිවාස සංකීර්ණ යෝජනා ක්‍රම දියත් කිරිම

  6. රජයේ සුරකුම්පත් මිලට ගැනිම සදහා මුදල් ආයෝජනය කිරිම

  7. මුදල් සමාගම්වල පැවැත්ම සදහාත් මුදල් තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සදහාත් මුල්‍ය කටයුතුවල ස්ථාවරත්වය පවත්වා ගැනිම සදහත් පහත සදහන් විධි විධාන යොදා ඇත.

  8. මුල්‍ය සමාගමක් සෑම අවස්ථාවකදිම රුපියල් මිලියන 5 කට නො අඩු ප්‍රාග්ධනයක් පවත්වා ගත යුතු විම
    තැන්පතු කල පිරෙන දින (date of maturity) හෝ එයට පසු දිනක හෝ ඉල්ලුවිටක (on demand) හෝ මුදල සහ පොළිය තැන්පත් කරුවනට ආපසු ගෙවිමට සමාගමේ අධ්‍යක්ෂවරුන්ට මෙන්ම කළමණාකරුවන් බැදි සිටිම.

  9. මුදල් මණ්ඩලය මුල්‍ය සමාගම්වල කටයුතු අධික්ෂණය කිරිම සදහා එහි නියෝජිතයකු (representative) පත් කිරිම

  10. මුල්‍ය සමාගමක පොත් හා ගිණුම් පරික්ෂා කිරිම (inspection) සදහා බැංකු නොවන මුල්‍ය ආයතන අධික්ෂණය දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක වරයාට හෝ ඔහුගේ නම්කරන නිළධාරියකුට හෝ බලය පවරා තිබිම

  11. මුල්‍ය සමාගම් අයෝග්‍ය මුල්‍ය පරිච (practices) අනුගමනය කරන බවට බැංකු නොවන මුල්‍ය ආයතන අධික්ෂණ අධ්‍යක්ෂට ඒත්තු යන්නේ නම් ඒවා නතර කිරිම හෝ නිවරදි කිරිම හෝ සදහා අවශ්‍ය පියවර ගැනිමේ බලය ඔහු සතු ව තිබිම.

  12. සම‍ා‍ගමේ එක් එක් මුදල් වර්ෂය (financial year) සදහා ලාභාලාභ ගිණූම (profit and loss account) හා ශේෂ පත්‍රය (balance sheet) පළ කිරිමට නියමිතව ඇති අතර ඒවා පළ කිරිමේදි සපුරාලිය යුතු නියමයන්ද දක්වා තිබිම. පසුගිය මුදල් වර්ෂ තුනේ සමාගමේ තැන්පතු ශේෂ ඉපයුම ප්‍රමාණ, අධ්‍යක්ෂක වරුන් පිළිබද විස්තර, ගන්නා ණය වලට අදාල කොන්දේසි යන මේවා එසේ ඇතුළත් කළ යුතු තොරතුරු අතර වේ.

  13. බැංකු නොවන මුල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂට හෝ නියමිත බලධාරියකුට හෝ මුල්‍ය සමාගමක කටයුතු පරික්ෂා කිරිමෙන් පසු ඒ සමගම බුන්වත් වි ඇති බව හෝ තැන්පතු කරුවන්ගේ තැන්පතු ගෙවිමට අපෝසත් වන බව හෝ ඒත්තු ගිය හෝත් ව්‍ය‍ාපාර කටයුතු අත්හිටුවිමට හෝ ගණන් බේරා වසා දැමිමට හෝ මුදල් මණ්ඩලයට බලය තිබිම.

  14. පරිපාලනය කිරිම (administration) හෝ කළමණාකරණය (management) හෝ සදහා මුල්‍ය සමාගමක් ඔනෑම අවස්ථාවකදි යම් නිෂ්චිත කාල සිමාවකට භාරගත හැකි විම.

  15. තැන්පත් කරුවන්ගේ යහපත සලකා සුදුසු යැයි හැගෙන අවස්ථාවකදි මුදල් පහසුකම් තාවකාලිකව සැපයිම

(c) Shilpa Sayura Foundation 2006-2017