ගම්බද ප්‍රදේශවල කෘෂි කර්මය, ගෘහ කර්මාන්ත, ධිවර කර්මාන්තය, වාණිජ්‍ය හා වෙනත් කටයුතු සංවර්ධනය කිරිම පිණිස ක්‍රියා කිරිමෙන් ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවිමේ අරමුණ ඇතිව ප්‍රාදෙශිය ග්‍රාමිය සංවර්ධන බැංකු පිහිටුවිමේ අවස්ථාව 1985 අංක 15 දරණ ප්‍රාදේශිය ග්‍රාමිය සංවර්ධන බැංකු පනතින් ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට සලසාදි ඇත. මේ බැංකුව ඉටුකරන කර්ය පහත දැක්වේ.
- සුළු පරිමාණයෙන් කෙරෙන කෘෂි, ගෘහ, ධීවර යන කර්මාන්තවලත් වාණිජ කටයුතු වලත් නියලෙන්නන්ට කෙටි, මාධ්‍ය හා දිගු කාලින ණය සැපයිම
- ජංගම,තැන්පතු, ඉතිරිකිරිම් හා වෙනත් ගිණුම් පවත්වාගෙන යැම
- විනිමය බිල්, පොරොන්දු නෝට්ටු, අණකර, කොටස්, ණයකර, තැන්පතු සහතික, කොටස් සහතික, සුරකුම් පත් යන මේවා අදාල පරිදි වට්ටම් කිරිම හෝ මිලට ගැනිම හෝ විකිණිම
- සුරකුම් පත් හා දේපළ මත ණය අත්තිකාරම් ව්‍යාපාර ආයතනවලටත් පුද්ගලයනටත් සැපයිම
- ඇතැම් අවස්ථාවලදි ඇප රහිතව වුවද ණය සැපයිම, මුදල් හා සුරකුම්පත් රැස්කිරිම හා ප්‍රේණය කිරිම
- උකස් කටයුතු වල යෙදිම
- කෘෂිකාර්මික, කාර්මික, ධිවර හා වාණිජ කටයුතු සදහා අවශ්‍ය ගබඩා හා ගුදම් ඉදිකර බදු දි, කුලියට දිම හෝ විකිණිම බැංකුවේ අරමුණු ඉටුකර ගැනිමට ඉවහල්වන සුළු පරිමාණ ග්‍රමිය සංවර්ධන ව්‍යාපෘති භාර ගැනිම
- කෘෂිකාර්මික, කාර්මික, ධිවර නිෂ්පාදිත සැකසීමට හා අලෙවි කිරිමට සහය විම හා ඒ නිෂ්පාදිත ප්‍රවර්ධනය කිරිම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමට සහය විම
- එතෙකුදු වුවත් ඇතැම් විදේශ විනිමය කටයුතුවල නිරත විමට මේ බැංකුවට නුපුළුවන
- ප්‍රාදේශිය ග්‍රාමිය සංවර්ධන බැංකුවක පාලනය පස‍් දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයකට පැවරේ. ආරම්භයේදි මේ අධ්‍යක්ෂවරු පස් දෙනාම දිස්ත්‍රික්කය තුළින් තොරා ගැනිම අවශ්‍ය වන අතර ඔවුන් පත්කළ යුත්තේ අදාල අමාත්‍යවරයාගේ එකගත්වය ඇතිව ශ්‍රි ලංකා මහ බැංකුවයි. බැංකුවක් පිහිටුවා අවුරුදු දෙකක් ගත වු පසු, එහි නිකුතු කොටස් ප්‍රග්ධනයෙන් 51% ක් ශ්‍රි ලංකා මහ බැංකුව තබා ගනිමින් ඉතිරි 49% ශ්‍රි ලංකාවේ සංස්ථාපිත වාණිජ බැංකු වලටත් සමුපකාර සමිති මිලට ගැනිමේ හැකියාව සලසා දි ඇත. මේ ආයතන වෙනුවෙන් දෙදෙනකුද අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කිරිමට ඒවාට අවස්ථාව සැළසේ.
