පීපල්ස් මර්වන්ට් බෑන්ක් ලිමි‍ටඩ් (සීමා සහිත මහජන ව්‍යාපාර බැංකුව)
 

1982 සමාගම් පනත යට‍ෙත් මහජන බැංකුවේත් ලන්ඩනයේ සීමාසහිත ගීනස් මැහෝන්ස් සමාගමේත් කොටස් ප්‍රාග්ධනය සහභාගිත්වය ඇතිව පීපල්ස් මර්වන්ට්ස් බෑන්ක් ලිමි‍ටඩ් 1983 වර්ෂයේ දි පිහිටුවන ලදි. එහෙත් 1987 වර්ෂ‍යේ සිට මෙහි පුර්ණ අයිතිය මහජන බැංකුව වෙත පැවැරිණ .


මේ බැංකුවෙන් සැළසෙන සේවා අතර ව්‍යාපෘති ප්‍රවර්ධනය‍, ව්‍යාපෘති මුලනය, සාමුහික සැළසුම් කරණය , මුල්‍ය උපදේශක සේවා, ආයෝජන උපදේශන සේවා, ශක්‍යතා අධ්‍යනය හා ඇගයිම් සැකසීම ඇතුළු කළමණාකාරණ උපදේශක සේවා, කළමණාකරන උපදේශක සේවා, කළමණාකාර තොරතුරු පද්ධතිය, සමාගම් ලේකම් සේවා, අ‍ඩ‍ාල සමාගම් යලි නගා සිටුවිම, බද්ධ ව්‍යාපාර සදහා හවුල් කරුවන් හදුන්වා දිම, කල්බදු පහසුකම් සැපයිම, ව්‍යාපාර ආරම්භ‍ කිරිම, අරමුදල් සැපයිම, ණය සම්මේලනය කිරිම යන මේවා ප්‍රධාන වේ.


විදේශ ආයෝජන වර්ධනය කිරිමේ අරමුණින් බැංකුව සේවා රැසක් ඉට‍‍ුකරනු පෙනේ. ඒවා අතර විභව (potential) දේශීය සහභාගිකරුවන් හදුන්වාදිම, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද වෙනත් රාජ්‍ය ආයතන වලින්ද අදාල අනුමැතිය ලබා දිම , දේශිය විදේශීය ආයෝජකයන් අතර ගිවිසුමක් ඇති කිරිම හා ඒවාට අදාල ලේකම් සේවා සැපයිම, ව්‍යාපෘති තාක්ෂණය හා වෙළද පොළ යන ආදිය පිළිබද සත්‍යතා අධ්‍යනය හා ඇගයුම් කිරිම, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමග එළඹෙන ගිවිසුම් වලට අදාල නෛතික හා බදු උපදෙස් සැපයිම, විදේශ ආයෝජකයන් වෙනුවෙන් කළමණාකරණ නියෝජිතයන් ලෙස ක්‍රියා කිරිම, මුල්‍ය සම්පාදන හා උපදේශන සේවා සැපයිම යන මේවා ප්‍රධාන වේ.


ඉහත සදහන් බැංකු යටතේ පැහැදිළි ලෙසම ඇතුළත් කළ නොහැකිය වුවත් වාණිජ බැංකුවලත් සංවර්ධන බැංකුවලත් ලක්ෂණ සමහරක් ඇති බැංකු වර්ගයක් දක්නට ලැබේ. ප්‍රාදේශිය ග්‍රාමිය සංවර්ධන බැංකුවල ලක්ෂණ සමහරක් ඇති බැංකු වර්ගයක් දක්නට ලැබේ. ප්‍රාදේශිය ග්‍රාමීය සංවර්ධන බැංකුව එවැන්නකි.

(c) Shilpa Sayura Foundation 2006-2017