මෙය, අන්තර්ජාතික මුල්‍ය සංස්ථාවේ සහය ඇතිව ලංකා බැංකුව විසින් එහි සංවිධාන ව්‍යුහය තුළ කළමණාකරණ උපදේශන සේවා සැළසීමේ අංශයක් ලෙස 1980 වර්ෂයේ පිහිටුවන ලදි. ආරම්භයේදි ශ්‍රි ලංකා බැංකුවේ ගනුදෙනු කරුවන්ට සහය විම සදහා කටයුතු කළ මේ අංශය භාහිර පුද්ගලයන් වෙනුවෙන් සේවා සැපයිම ක්‍රමයෙන් අරම්භ කළේය. මේ කාර්ය භාරය ප්‍රසාරණය විමත් සමග මේ අංශය, ශ්‍රි ලංකා ව්‍යාපාර බැංකුව නමින් 1982 මාර්තු මාසයේදි සංස්ථාපනය කරන ලදි. මුල් කාලයේදි මේ ආයතනය විසින් සපයන ලද සේවා අතර උපදේශන සේවා සැලසීම, පරිගණන සේවා සැපයිම, දේශිය බිල් වට්ටම් කිරිම, උපකරණ බද්දට දීම, දිගු කාලින ණය හා ප්‍රාග්ධනය සැපයිම, ප්‍රධාන විය. 1989 වර්ෂය වන විට ව්‍යාපාර බැංකුව(m reheat bank) ප්‍රාග්ධන වෙළද පොළෙත් මුදල් වෙළද පොළෙත් කටයුතු වල බෙහෙවින් නිරත විය.
මේ ආයතනය දැනට කරන කටයුතු ප්‍රධාන වශයෙන් දෙයාකාරය. ඒවා නම් අරමුදල් මත පදනම් වු කටයුතුද ගාස්තු පදනම් වු කටයුතු ද වේ. බිල් වට්ටම් කිරිම, (discounting of bills) කල් බදු (leasing) කාලින ණය, සම්මේලන ණය, ප්‍රාග්ධන ආයෝජන, (capital investment) හා ප්‍රාරක්ෂණය, විවිධ වර්ගවල ණය සැපයිම, බැංකු ඇප සැපයුම, ප්‍රාථමික (primary) හා ද්විතික (secondary) වෙළද පොළවල කොටස් හා සුරකුම්පත් වල ආයෝජනය කිරිම යනාදිය අරමුදල්වල මත පදනම් වු කටයුතු වේ.
පුද්ගල හෝ සංවිදානයක් හෝ සතු මුදල් කොටස්, සුරකුම්පත් ආදියේ කෙලෙස ආයෝජනය කළ යුතුද යන්න පිළිබද උපදෙස් සැපයිම, මුල්‍ය උපදේශන සේවා සැපයිම, ව්‍යාපාර ඒකාබද්ධ කිරිම හා ඈත් කර ගැනිමේ කටයුතු කර්මාන්ත හා සමාගම් ප්‍රතිසංවිදානය කිරිම, කළමණාකරණ කරන උපදේශන සේවා, ශක්‍යතා අධ්‍යනය, (feasibility studies) පොදු කොටස් නිකුතුව, කළමණාකාරණය, වාණිජ ලියවිලි සම්බන්ධයෙන් කටයුතු කිරිම, ප්‍රාග්ධනය හා රක්ෂණ ලියවිල්ලට අදාල ප්‍රාරක්ෂණය, සමාගම් කළමණාකරණය, සංස්ථාගත ආයතන වලට නෛතික හා ලේකම් සේවා සැපයිම යනාදිය ගාස්තු මත පදනම් වු කටයුතු වේ.
මේ හැර කොටස් වෙළද පොළේ කටයුතු කිරිම සදහා තැරැවුකාර ආයතනයක් ද 1989 වර්ෂයේදි ආරම්භ කරන ලදි. සීමා සහිත ලංකා සෙකියුරටිස් (පෞද්ගලික) සමාගම නමින් සංස්ථාපනය කර ඇති මේ සමාගම පොදු සමාගම්වල නිකුතුවේ භාරකරුවන් මෙන්ම කොටස් විකිණිමේ හා මිලට ගැනිමේ තැරැවුකරුවන් ලෙස ක්‍රියාකරයි.
බැංකුවේ ප්‍රාග්ධනය සදහා දායක වි ඇති ප්‍රධාන ආයතන නම් ලංකා බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා සිංගප්පුරුවේ සිටිකෝප් ඉන්වෙස්ට්මෙන්ට් බැංකුවයි. ඒ හැර ශ්‍රි ලංකා ජනතාවට මෙන්ම එම ආයතනයේ සේවකයන්ටද සීමිත කොටස් ප්‍රමාණයක් මේ බැංකුව නිකුත් කර ඇත.
