ලංකා සංවර්ධන මුල්‍ය සංස්ථාව
 

පුර්ණ හෝ ‍බහුතර හෝ අයිතිය පෞද්ගලික අංශයට අයත් ආයතන වලට කාර්මික, කෘෂිකාර්මික හා වාණිජ ව්‍යාපෘති සදහා මුල්‍ය පහසුකම් සැපයිම අරමුණු කරගෙන, 1955 අංක 38 දරන පාර්ලිමෙන්තු පනත යටතේ මෙය පිහිටුවන ලදි. 1982 පෙබරව‍ාරි මාසය දක්වා එහි ප්‍රාග්ධනයට දායක වුයේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන සමහරක්ද විදේශ මුල්‍ය ආයතන කිහිපයක්ද පමණි. එයට පසු, පනතට අනුව කරන සංශෝධනයක ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රාග්ධනය වැඩි කෙ‍රුණු අතර කොටස් ප්‍රාග්ධනයට ද‍ායක විමට මහජනයාට අවස්ථාව සලසමින් එය සීමා සහිත පොදු සමාගමක් වශයෙන් ලියා පදිංචි කරන ලදි. මේ අනුව මෙහි කොටස්, ව්‍යාපාර වස්තු වෙළද පෙ‍ාළේ ගනු දෙනු වන අතර රජය සතු කොටස් කිසිවක් නැත.


පනතේ දැක්වෙන පරිදි සංස්ථාවේ අරමුණු දෙයාකාරය. කාර්මික, කෘෂිකාර්මික, වාණිජ යන මේ ක්ෂෙත්‍රවල පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිහිටුවිම, ප්‍රවර්ධනය කිරිම, ව්‍යාප්ත කිරිම හා ‍ඒවායේ නවිකරණ සදහා සහය විම පළමුවන අරමුණයි. දේශීය හා විදේශීය පෞද්ගලික ප්‍රාග්ධනය ඉහත කී ව්‍යාපාරවල යෙදවිම දිරි ගැන්විමත් ප්‍රවර්ධනය කිරිමත් දෙවන අරමුණයි.


ඉහත කී අරමුණු ඉටු කර ගැනිම සදහා මේ ආයතනයෙන් සැපයෙන සේවා අතර, කෙට්, මැදි හා දිගුකාලින ව්‍යාපෘති ණය සහන සැලසීම, කා‍රක ණය ප්‍රාග්ධන සැපයිම, උපකරණ මිලදි ගැනිම සදහා ණය පහසුකම් සැපයිම, බදු, සින්නක්කර ගැනුම් හා පහසුකම් සැළසිම, විනිමය බිල්පත් වට්ටම් කිරිම, ප්‍රාරක්ෂණය හා මුල්‍ය කොටස් කළමණාකරණය, ව්‍යාපෘති වාර්තා පීළියෙළ කිරිම, වෙළද පොළ සමික්ෂණ පැවැත්විම, තාක්ෂණික සහයෝගය හා උ‍පදේශන සේවා සැලසීම, සමාගම් ලේකම් සේවා සැපයිම යන මේවා ප්‍රධාන වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017